(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නාත්තන්ඩිය නගරයේ පවත්වාගෙන ගිය ව්‍යාපාරික ස්ථානයක් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව විසින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ව්‍යාපාරිකයෙකු තම දරු පවුල සමඟ අද( 29) පෙරවරුවේ සිට සත්‍යග්‍රහයක් අරඹා ඇතැයි පොලිසිය පවසයි.
නාත්තන්ඩිය නගරයේ හැමිල්ටන් ඇළ ආසන්නයේ මෙම සත්‍යග්‍රහය අරඹා ඇත.
නාත්තන්ඩිය පරාක්‍රම මාවතේ පදිංචි වේරගොඩ විදානපතිරනලාගේ ජයසේකර නැමැති 51 හැවිරිදි පුද්ගලයකු මෙලෙස සත්‍යග්‍රහයේ නිරතව සිටී.
නාත්තන්ඩිය නගයේ හැමිල්ටන් ඇලට ආසන්නයෙන් තමන් විසින් වසර 25 ක පමණ කාලයක් ව්‍යාපාරික ස්ථානයක් පවත්වා ගෙන ගිය බවත්, ඒ සදහා වන කුලී මුදල මාසිකව නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවට ගෙවා තිබියදීත් මෙලෙස වෙළඳසල ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි ඔහු පවසයි.
තමන්ට සාධාරණයක් ඉටු නොවන්නේ නම් සත්‍යග්‍රහය මාරාන්තික උපවාසයක් දක්වා ගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ලේකම් කේ.ඩී.චන්දන කුමාර මහතාගෙන් විමසු විට පැවසුයේ මෙවැන්නකි.
"නාත්තන්ඩිය නගරයේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට සභාව තීරණය කළා. ඒ නගරයේ අලංකාර කටයුතු වෙනුවෙන්. ඒ අනුව නාත්තන්ඩිය නගරයේ හැමිල්ටන් ඇලට යාබදව අනවසරයෙන් පවත්වා ගෙන ගිය ව්‍යාපාරික ස්ථාන 11 ක් පසුගිය 24 වැනිදා ඉවත් කළා.
මෙම ව්‍යාපාරික ස්ථාන පවත්වා ගෙන ගිය අයට නාත්තන්ඩිය නගරයේ ඉදිකරන ලද පොදු වෙළද සංකීර්ණයේ පහත මාලයේ කඩ කාමර ලබා දීමට සභාව තීරණය කරලා තියෙනවා. එමෙන්ම හැමිලටන් ඇළට යාබදව පවත්වාගෙන ගිය අනවසර ව්‍යාපාරික ස්ථාන වෙනත් අයට කුලී පදනම මත ලබා දී ඇති අයට පොදු වෙළද සංකර්ණයේ උඩු මහළේ කඩ කාමර ලබා දීමටත් සභාව තීරණය කරලා තියෙනවා."
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කඩ කාමරය ඉවත් කළැයි සත්‍යග්‍රහයක්