IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඕල්ටන් වතුයායේ කම්කරුවෝ විරෝධතාවක

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
 
මස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ වතු කම්කරුවෝ පිරිසක් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සේවයට වාර්තා නොකර අද (03) එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී වතු පාලනාධිකාරියට එරෙහිව උද්ඝෝෂණයක නිරත වූහ.
 
මෙම උද්ඝෝෂණය සඳහා ඕල්ටන් තේ වතුයායේ, ඕල්ටන්, කිංකෝරා, නිලාවත්ත හා ඕල්ටන් පහළ යන  කොටස්වල වතු කම්කරුවෝ 700 කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.
 
හොරණ වැවිලි සමාගමට අයත් මෙම තේ වතුයායේ උද්ඝෝෂණයට එක්ව සිටි කම්කරුවන් කියා සිටියේ, අද දින සේවයට වාර්තා කිරීමට ප්‍රථම වතු පාලනාධිකාරිය තමන්ට විද්‍යුත් හැඳුනුම්පතක් නිකුත් කළ බවත්, එය සමග සේවයට වාර්තා කළ යුතු බවත්, මෙතෙක් කල් නොතිබුණු එම ක්‍රියාව නිසා වතු කම්කරුවන් වන තමන් අපහසුතාවට පත්ව සිටින බවත්ය. 

තේ වත්තට කාලයක් තිස්සේ වෛද්‍යවරයෙකු හා ගිලන් රථයක් නොමැතිවීම,  තේ වත්ත කැළෑ වැදීම හේතුවෙන් දිවියන්ගේ දැඩි තර්ජනයක් පැවතීම, දිනකට තේ දළු කිලෝ 14 ක් නෙළමින් තිබූ ක්‍රමය වෙනස් කර කිලෝ 18 ක් අනිවාර්යයෙන් නෙළිය යුතු බවට දන්වා තිබීම, රුපියල් ලක්ෂ 67 ක් වැය කර විද්‍යුත් තරාදියක් අමු තේ දලු කිරීම සඳහා මිලදී ගෙන තිබීම, තමන්ගේ හිඟ වැටුප වන රුපියල් 50 වැඩි කර දීමට නොහැකි මෙම වතු සමාගම වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම්  ක්‍රමයෙන් කප්පාදු කරමින් සිටීම ආදිය මෙම විරෝධයට හේතු වී ඇති බව ඔවුහු කියති.
 
දැනට වත්තේ සිටින වතු පාලකවරයා මෙම වතුයායෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටින මෙම කම්කරුවෝ, තම ඉල්ලීම් ඉටුවන තෙක් වැඩ වර්ජනයක හා උද්ඝෝෂණයක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ඔවුහු කියා සිටිති.
 
අප මේ සම්බන්ධව ඕල්ටන් තේ වතුයායේ පාලනාධිකාරියෙන් කළ විමසුමකදී එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ, මෙම නව හැඳුනුම්පත හා තරාදිය නිසා වතු කම්කරුවන්ට වාසි රැසක් අත්වන බවත් එය ඔවුන් නිවැරදිව තේරුම් ගෙන නොමැති බවත්ය.



අදහස් (0)

ඕල්ටන් වතුයායේ කම්කරුවෝ විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site