(දයාරත්න ඇඹෝගම)
එප්පාවල අඹ සැකසුම් කලාපය වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) විවෘත විය.
අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යය ධූරය හොබවන අවධියේ පලතුරු සැපයුම් හා අගය දාම කළමනාකරණ ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීමේ අරමුණින් අනුරාධපුර එප්පාවල ප්‍රදේශය අඹ සැකසුම් කලාපයක් බවට පත්කර එම ප්‍රදේශයේ අඹ සැකසුම් මධ්‍යස්ථානය කෘෂිකර්ම අමාත්‍යංශයට අයත්, පශු අස්වනු තාක්ෂණ ආයතනය හරහා මේ අයුරින් ආරම්භ කළේය.
එම ප්‍රදේයේ සුදුස්සන් තෝරා ඔවුන් වෙත සෞඛ්‍ය ආරක්ෂිත අඹ ඉදවීමේ කුටීරයක්, පලතුරු ප්‍රවාහනය සඳහා කූඩ, පළතුරු තේරීම හා සේදීමේ කටයුතු සඳහා උපකරණ ආදී රුපියල් ලක්ෂ 5 ක් වටිනා භාණ්ඩ නොමිලේ ලබාදී, ඔවුන්ට ප්‍රමිතියෙන් යුතු පලතුරු වෙළඳපළට නිකුත් කිරීම පිළිබඳ පුහුණුවක්ද පශු අස්වනු තාක්ෂණ ආයතනය මගින් ලබා දී ඇත.
පලතුරු ප්‍රවාහනයේ දී සිදුවන තැලීම් මගින් සිදුවන පාඩූ මඟ හරවා, උසස් ප්‍රමිතියක් පළතුරු සඳහා ලබාදී එම පළතුරු වෙළඳපළට ඉහළ මිලකට අලෙවියත් මෙමගින් එම ප්‍රදේශයේ ජනතාවට හැකියාව ලැබෙනු ඇත.
තවද එම පළතුරු සැකසුම් මධ්‍යස්ථානයන් මගින් නිසි ප්‍රමිතියට සකසන පලතුරු මිලදී ගැනීම සඳහා සුපිරි වෙළඳසැල ද සම්බන්ධ කර දී වෙළඳපළ ද නිර්මාණය කර දී තිබීම හේතුවෙන් ගොවීන්ට එයද මහත් අස්වැසිල්ලක් වී තිබේ.
අඹ ප්‍රවාහනය කරන ලොරි රථවල එප්පාවල අඹ ලෙස සටහන් කරවීමද මෙහිදී සිදු කෙරුණු අතර, පශු අස්වනු තාක්ෂණ ආයතනයේ ප්‍රමිති සහතිකය සහිත එප්පාවල අඹ වෙළඳපලට නිකුත් කිරීමද එහිදී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ප්‍රාදේශීය දේශපාලඥයින් පශු අස්වනු තාක්ෂණ ආයතනයේ සභාපති කාවින්ද ශ්‍රී දිසානායක මහතා ඇතුළු එම ආයතන නිළධාරීන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
එප්පාවල අඹ සැකසුම් කලාපය විවෘත වෙයි
Palitha Galapitiya Thursday, 14 June 2018 09:45 AM
මෙය ඉතාමත් අගයකලයුතු කටයුත්තකි, අනිකුත් ප්‍රධාන පලතුරැ වැවෙන ප්‍රදේශවලටද ව්‍යාප්ත කල යුතුය. ජපානයේ කරන්නේද මෙයට සමාන කටයුත්තකි.