IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


එතනෝල් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

(රොමේෂ් මධුෂංඛ)
 
උතුරු පළාතෙන් සොයා ගත් විශලාතම එතනොල් තොගය වාර්තා කරමින් යාපනය චුන්නාගම් අලවෙඩ්ඩි ප්‍රදේශයේදී රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් එතනෝල් ලීටර් 7400 කට අධික ප්‍රමාණයක් ගබඩා කර තිබියදී සැකකරුවන් දෙදෙනෙකු ද සමගින් යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

යාපනය යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව ඒ බව පොලිස් විශේෂ කාර්ය බළකායට දැනුම් දීමෙන් පසුව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් අලවෙඩ්ඩි ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමදී අදාළ එතනෝල් තොගය අබලන් ලොරියකට දමා ගබඩා කර තිබියදී සොයාගෙන ඇත.

එහිදී ලොරිය තුල ගබඩා කොට තිබි එතනෝල් ලීටර් 20 කෑන් 371 ක් හමු වී ඇති අතර අදාළ එතනෝල් ගබඩාව පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙකු ද ලොරිය සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර එම ස්ථානයේ සිට එතනොල් කලක සිට බෙදාහැර ඇති බවට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට තොරතුරු අනාවරණය වී ඇත.

අද (24) දින සවස අත්අඩංගුවට ගත් එතනෝල් තොගය යාපනයේ සිට පොලිස් විශේෂ කාර්ය බළකා සෙබලුන් විසින් කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර වෙතට රැගෙන වීත් බාර දීමේ කටයුතු සිදු කෙරෙන අතර අදාළ එතනොල් ගබඩාව පවත්වාගෙන ගිය සෙසු සැකකරුවන් පිළිබඳවද පරීක්ෂණයක් අරඹා ඇත.

උතුරු පලාතෙන් එතනොල් මෙතරම් ප්‍රමාණයක් හසු වූ පළමු අවස්ථාව මෙය වන අතර මුහුදු මාර්ගයෙන් මෙලෙස ගෙනවිත් වෙනත් ප්‍රදේශ වෙතරට ප්‍රවාහනය කිරීමට සැලසුමක් ඇති බවට සැකකරන බවටද පරික්ෂණ සිදු කරන පොලිස් විශේෂ කාර්ය බළකා සෙබලු වැඩිදුරටත් කියා සිටියහ.


 



අදහස් (1)

එතනෝල් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

nihal c k Thursday, 24 January 2019 11:52 AM

උතුරේ දේශ සීමා උල්ලංඝණය කරමින් කරන ධීවර කර්මාන්තය සහ ලංකා නාවික හමුදාවට එල්ලවන දකුණු ඉන්දීය ධීවරයින්ගේ විරෝධය මෙවැනි නීති විරෝධී ද්‍රව්‍යන් ශ්‍රී ලංකාවට රහසේ ගෙනෙමටද කියා සැකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site