IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


එකම විදුහලට ලොක්කන් දෙන්නෙක්

(බිඟුන් මේනක ගමගේ) 

අල්ලස් මුදලක් ලබා ගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි දෙයියන්දර ජාතික පාසලේ හිටපු විදුහල්පතිවරයා ඇප පිට නිදහස් වීමෙන් පසුව අද එම විදුහලේම නැවත සේවයට වාර්තා කිරීමෙන් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

අල්ලස් නඩුව හේතුවෙන් සැකකාර විදුහල්පතිවරයා පසුගිය මාර්තු 19 වැනිදා දක්වා අනිවාර්ය නිවාඩු යවා ඇතත් ඉන්පසු කාලයේදී සේවා ස්ථානගත කිරීමක් අධ්‍යාපන අමාත්‍යංශයෙන් සිදුව නැති බැවින් ඔහු මෙසේ සේවයට වාර්තා කළේ යැයි ද ඉන්පසුව තමා අධ්‍යාපන බලධාරින්ගෙන් උපදෙස් පැතීමෙන් පසු හෙට (24) සිට ඔහු මුලටියන කලාප අධ්‍යාපන කාර්යාලයට වාර්තා කරන්නැයි ලිඛිත නියෝගයක් නිකුත් කරන බව පැවැසී යැයි ද දෙයියන්දර ජාතික පාසලේ වැඩ බලන විදුහල්පති ආර්.ජී ආරියරත්න මහතා ‘ලංකාදීප’ යට පැවසීය. 

ඩබ්ලිව්. ඩබ්ලිව්. ජී. අමරසේන නමැති සැකකාර හිටපු විදුහල්පතිවරයා  අද  (23) දිනයේදී සාමාන්‍ය පරිදි පාසලට ඇතුළු වී රාජකාරියට වාර්තා කිරීමේ අත්සන යොදා තිබුණේ යැයි ද තමා ඒ ගැන දැනගැනීමෙන් පසුව ජාතික අධ්‍යාපන අධ්‍යක්ෂ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ යන නිලධාරීන් තිදෙනාගෙන්ම නීතිමය උපදෙස් පැතී යැයි ද වැඩ බලන විදුහල්පති ආරියරත්න මහතා කීය.

දුරකථන ඇමතුම් මගින් මෙම උපදෙස් පැතීම් සිදුවන අවස්ථාව වනවිටත් හිටපු විදුහල්පති ඩබ්ලිව්. ඩබ්ලිව්. ජී. අමරසේන මහතා විදුහලේ රැඳී සිටියේ යැයි ද ආරියරත්න මහතා පැවසීය.

අල්ලස් වැරැද්දකට සැකපිට අත්අඩංගුවට ගෙන නඩු කටයුත්තක් සිදුවද්දී අදාළ රාජ්‍ය සේවකයා වැඩ තහනමට ලක් විය යුතු වුවත් සැකකාර විදුහල්පතිවරයා සම්බන්ධයෙන් අදාළ ආයතනික පියවර නොගැනීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ‘ලංකාදීප’යට පැවැසීය.

සැකකාර විදුහල්පතිවරයා සම්බන්ධයෙන් ආයතන සංග්‍රහය අනුව අවශ්‍ය පියවර ගැනීම අධ්‍යාපන අමාත්‍යංශය පැහැර හැර ඇතැයි චෝදනා කළ හෙතෙම ඒ සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට ලංකා ගුරු සංගමය පැමිණිලි කළේ යැයි ද කීය. 

මේ ගැන අදහස් විමසීමට ජාතික අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දුරකථනයට සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත.

6 වැනි ශ්‍රේණියට දරුවකු ඇතුළත් කර ගැනීම සදහා මවකගෙන් රුපියල් අට දහසක මුදලක් ගනිද්දී සැකකාර විදුහල්පතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය මාර්තු 12 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ අතර දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහු රක්ෂිත බන්ධනාගාර බාරයට පත් කෙරිණි.

 



අදහස් (5)

එකම විදුහලට ලොක්කන් දෙන්නෙක්

Ariyathilaka Thursday, 23 May 2019 09:35 AM

අල්ලස් ගැනීම සහ එවැනි වරදකට රිමාන්ඩ් බන්ධනාගාර ගත් වීම විදුහල්පති ධූරයක් දැරීමට විශේෂ සුදුසු කමක් වශයෙන් ඉදිරි කාලයේ සලකා බැලීමට සිදුවේවි! එවැනි විදුහල්පති වරයෙකු සිටින පාසලේ ළමයින්ට, ගුරු ආචාර්ය මණ්ඩලයට, ඒ ළමුන්ගේ දෙමාපියන්ට, ආඩම්බරයක්! අභිමානයක්!

:       0       0

buddika Thursday, 23 May 2019 10:13 AM

ඕක මොකද්ද? අගමැතිගත් දෙන්නෙක් හිටියේ ටික දවසකට කලින්........ ඒ මදිවට හිටපු ජනාධිපතිට තාමත් ජනාධිපති කියලයි කියන්නේ වන්දිභට්ටයෝ තවමත්....

:       0       0

චමින්ද Thursday, 23 May 2019 11:31 AM

මෙම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් නිළධාරීන් ඒ බව අධ්‍යාපන බලධාරීන්ට දන්වා ඇත්නම් මූලික විමර්ශනයක් හෝ විධිමත් විනය ක්‍රියාමාර්ග ගතයුතුයි. අවාසනාවක මහත වර්තමානයේ ආයතන සංග්‍රහයට අනුව පරීක්ෂණ කරන්න දන්නාඅය ඉතාම අඩුයි. හුඟදෙනෙක් තනතුරු ගන්න දඟලනවා මිස සුදුසුකම් ඇතිකර ගැනීමට උනන්දු නැහැ.මෙය කලාප හා පළාත් මට්ටමේ නිළධාරීන්ගේ වැරදි. චුදිත විදුහල්පතිවරයාට අධිකරණයෙන් නිදහස ලැබුනත් විධිමත් විනය පරීක්ෂණයකින් දඬුවම් දිය හැකියි

:       0       0

දිමුත් Friday, 24 May 2019 05:31 AM

ඔය මොකක්ද. අගමැතිවරු දෙන්නෙක් හිටියේ

:       0       0

rocky Friday, 24 May 2019 06:19 AM

ආයතන සංග්‍රහය අනුව මේ පුද්ගලයාගේ වැඩ තහනම් කර නොතිබීමෙන් හෙළිවන්නේ ජ්‍යෙෂ්ට නිලධාරියා ගෙනුත් මේ පගා කෙළියට අනුබල ලැබෙන බව නොවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1683 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site