( ඩී.කේ.රත්න )
ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් ඌව පළාතේ කාර්මික නිළධාරීන් හෙට (8) ලෙඩ නිවාඩු දමා වැඩ වර්ජනයක් අරඹා ඌව පළාත් සභාව ඉදිරිපිටදී උද්ඝෝණයක් පැවත්වීමට කටයුතු යොදා ඇතයි ඌව පළාත් තාක්ෂණ සේවා සංගමය පවසයි.
ප්‍රධාන වශයෙන් තම කාර්මික නිලධාරි සේවා ව්‍යවස්ථාව පිළිගන්නා ලෙසත් ඉංජිනේරුවරයන් සදහා ලබා දෙන අවදානම් දීමනාව තමන්ටද ලබා දෙන ලෙසත් ඇතුලු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් මෙම කාර්මික නිළධාරීන් ලෙඩ නිවාඩු දමා උද්ඝෝෂණයක් කිරීමට කටයුතු කර ඇත.
ඌව පළාතට අයත් බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක දෙකෙහි කාර්මික නිළධාරීන් හෙට උදැසන 9.00 ට බදුල්ල මුතියංගණ විහාරස්ථානය අසලට පැමිණ එතන් සිට බදුල්ල නගරයේ ප්‍රධාන වීදිය ඔස්සේ විරෝධතා පුවරු රැගත් විරෝධතා පාගමින් ඌව පළාත් සභාව ඉදිරිපිටට පැමිණ එම ස්ථානයේ උද්ඝෝෂණ පැවත්වීමට නියමිතය.
මේ පිළිබද තමන් වරින් වර අදාල බලධාරීන් දැනුවත් කර ඇතත් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙතෙක් කටයුතු නොකල නිසා මුල් පියවර වශයෙන් ලෙඩ නිවාඩු දමා උද්ඝෝෂණයක් කිරීමට කටයුතු කර ඇති බවත් මේ සදහා යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරියේදී දැවන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවත් ඌව පළාත් තාක්ෂණ සේවා සංගමය පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඌවේ කෘෂි නිලධාරීහු වර්ජනයකට සැරසෙති
Sumith Monday, 08 April 2019 01:14 AM
මෙහෙම කට්ටිය ඉන්නවද කියලා ගොවියෝ දන්නේ අද
Gamini Monday, 08 April 2019 01:16 AM
ගොවියෝ වෙනුවෙන් උත්ඝෝෂන කරන්න කව්රුත් නැහැ.