(ඩයනා උදයංගනී)
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ට විභාගයෙන් අනතුරුව මුහුණ දෙන අභියෝග ජයගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබාදීමේ අරමුණින් මාර්ගෝපදේශ පත‍්‍රිකාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
‘‘19 + ජයග‍්‍රාහී මාවතක් කරා‘‘ යන තේමාව යටතේ මෙම මාර්ගෝපදේශ පත‍්‍රිකාව සකස් කර තිබේ. එය සම්පාදනය කරනු ලැබ ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමගාමී මාර්ගෝපදේශ හා උපදේශන ශාඛාව විසිනි.
උසස් පෙළ විභාගයට මුහුණ දීමෙන් පසු දරුවන්ට විධිමත් හා පිළිගත් උසස් අධ්‍යාපන ප‍්‍රවේශයක් සකස් කරදීමට මගපෙන්වීම සහ විභාගයෙන් පසු ඔවුන් මුහුණ දෙන අභියෝග සඳහා අත්වැලක් සැපයීම එහි මූලික අරමුණ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත්වී විශ්ව විද්‍යාල වරම් ලබන දරුවන්ට ඇති විශ්ව විද්‍යාල පාඨමාලා පිළිබඳ තොරතුරු ලබාගත හැකි ආකාරය, උසස් පෙළ සමත් එහෙත් විශ්ව විද්‍යාල වරම් නොලබන දරුවන්ට උපාධි/ ඩිප්ලෝමා සහ වෘත්තීය පාඨමාලා හැදෑරිය හැකි රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන පිළිබඳ තොරතුරු, වෙනත් අධ්‍යාපන ආයතන, එන්.වී.කිව් ඩිප්ලෝමා හා උපාධි හැදෑරිය හැකි ආයතන , ව්‍යවසායකයකුවීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය මගපෙන්වීම් ලබාගත හැකි ආයතන ආදී තොරතුරු එම පත‍්‍රිකාවෙහි ඇතුළත් කර තිබේ.
මෙම අත්පත‍්‍රිකාය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත නිල වශයෙන් පිළිගැන්වීම අමාත්‍යාංශයේ විෂය සමගාමී මාර්ගෝපදේශ හා උපදේශන ශාඛාවේ නිලධාරීන් විසින් පසුගියදා සිදුකළ අතර මේ වන විට එය විභාග දෙපාර්තමේන්තුව හරහා විභාගයට පෙනී සිටි දරුවන්ට ලබාදීමට පියවර ගෙන ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉදිරියේදී මෙම අත්පත‍්‍රිකාවට අදාළ තොරතුරු සවිස්තරාත්මකව ඇතුළත් කරමින් උසස් පෙළ සිසුන්ට ලබාදීම සඳහා වෘත්තීය මාර්ගෝපදේශ අත්පොතක් සකස් කිරීමට ද මේ වන විට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උසස් පෙළ සිසුන්ට අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශ පත්රිකාවක්