(බිඟුන් මේනක ගමගේ)
දකුණු පළාත් සභාවට අයත් පාසල්වල "සිසු තරණ" නමැති අධ්‍යාපන ව්‍යාපෘතියෙහි නිරතව සිටි සංවර්ධන නිලධාරින් ආණ්ඩු මාරුවත් සමඟ ඉන් ඉවත් කර කාර්යභාරයක් නොමැති තත්ත්වයට පත් කර ඇතැයි වාර්තාවේ.
ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක වලට අයත් පළාත් සභා පාසල් වල අ.පො.ස සා.පෙළ සිසුන්ට ප්‍රතිපෝෂණ වැඩසටහන් දියත් කිරීම යටතේ සංවර්ධන නිලධාරීන් 198 දෙනෙක් මෙම ව්‍යාපෘතියෙහි නිරතව සිට ඇත.
දකුණු පළාත් සභාවේ හිටපු අධ්‍යාපන ඇමති චන්දිමා රාසපුත්ර මහතා ගේ සංකල්පයකට අනුව මෙම ව්‍යාපෘතිය දියත් කර ඇති අතර අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීමෙන් අනතුරුව තමන්ට ගුරු පත්වීම් ලබාදෙන බවට අධ්‍යාපන ඇමතිවරයා පොරොන්දු වී යැයි ඔවුහු පවසති.
එහෙත් 2020 වසරේ ආරම්භය සමග නිශ්චිත රාජකාරියක් නො පවරමින් තමන් කලාප අධ්‍යාපන කාර්යාලවලට යොමු කළ බවටත් ඇතැමුන්ට කළමනාකරණ සහකාර වරුන්ගේ වැඩ කටයුතු වලට සහාය දීමට සිදු ව ඇති බවටත් ඔවුහු චෝදනා කරති.
දැනට පළාත් සභාව විසුරුවා ඇති බැවින් තමන්ට සිදුවූ අකටයුත වූ අකටයුත්ත ගැන පැමිණිලි කිරීමට ද බලධාරියකු නොමැති යැයි ද ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ආන්ඩුකාරවරයා දැනුවත් කරන්නේ යැයි ද එම සංවර්ධ නිලධාරී හු පවසති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
උන්හිටි තැන් අහිමි කළැයි සංවර්ධන නිලධාරින්ගෙන් චෝදනාවක්