(දයාරත්න ඇඹෝගම)
උතුරුමැද පළාතේ පාසල් 810 ගුරුවරුන් 15,900 හා විදුහල්පතිවරු 1017 ක් 13 වැනි දින අසනීප නිවාඩු වාර්තා කර සේවය වර්ජනය කිරිමට තීරණය කර ඇතැයි ගුරු සංගම් පවසයි.
හෙට (13) දිවයින පුරා පාසල්වල ගුරු හා විදුහල්පතිවරු අසනීප නිවාඩු ලබා සේවයට වාර්තා නොකිරිමට ගුරු සංගම් ගෙන ඇති තීරණය සාර්ථක කර ගැනීම සඳහා උතුරු මැද පළාතම සුදානමින් සිටින බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙම ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරිම සඳහා අද (11) අනුරාධපුර දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සභාපතිවරයා
මෙසේ ද පැවසීය.
මේ වන විට ගුරුවරුන් හා විදුහල්පතිවරු මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීම් වලට රජය දිගින් දිගටම අනුගමනය කරන නිහඬ ප්‍රතිපත්තියට එරෙහිව මෙම විරෝධය දක්වා තිබේ.
අද වන විට මුළු අධ්‍යාපන ක්ෂෙත්‍රයේ බරපතළ ලෙස කඩා වැටී තිබෙනවා.මේ තත්වය තුළ ගුරුවරුන්ගේ සේවයේ ගුණාත්මක භාවය බිඳ වැටෙමින් තිබෙනවා. මේ නිසා දරුවන්ගේ අධ්‍යාපනයට මේ මගින් අහිතකර බලපැම් ඇති වී තිබෙනවා. ගුරු සංගම් විසින් දිගින් දිගටම මෙම ගැටලු විසදන ලෙස රජයට දැනුම් දුන්නා.ඒත් විසදුම් නැහැ.
මේ සඳහා රජය කඩිනම් විසඳුම් ලබාදීමට පියවර නොගතහොත් මීට වඩා බරපතල අරගලයක් කිරිමට ගුරු සංගම් තීරණය කර ඇතැයි ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ලංකා ගුරු සංගමය , ලංකා සේවා ගුරු සංගමය, සමස්ත ලංකා විදුහල්පතිවරුන්ගේ සංගමය, අධ්‍යාපන සෙවකයන්ගේ සංගමය ඇතුළු සංගම් රැසක් මේ සඳහා එක්ව සිටිති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උතුරුමැද ගුරු-විදුහල්පතිවරු 13 වැනි දා අසනීප නිවාඩු