(උපාලි ආනන්ද )
ඔක්තෝබර පළමු වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින් උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ගියාන් චන්ද්‍ර රනවක මහතා උතුරු මැද ආණ්ඩුකාර ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන් පිරිසකට අද නොතීසි නිකුත් කළේය.
විනිසුරුවරයා එළෙන නියෝග කළේ උතුරු මැද පළාතේ පාසල් සඳහා සෞන්දර්ය ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයෙන් ඉහළ ලකුණු ලබා ගත් තමන් නොසලකා හැර අඩු සුදුසුකම් සහිත අට දෙනෙකු නීතියට පටහැනිව බඳවා ගත් බවට චෝදනා කරමින් සෞන්දැර්ය ඩිප්ලෝමාධාරීන් පස් දෙනෙකු ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.
කහටගස්දිගිලිය අන්දරගොල්ලෑව ඩබ් දුලිප් මධුසංඛ විජේසිංහ , නොච්චියාගම ඇගළුම් කම්හල පාර සුභානි මධුෂිකා අබේවර්ධන, නොච්චියාගම හල්මිල්ලකුලම ගෝවින්ද නයනජිත් ජයසිංහ , රාජාංගනය ගැමුණුගම එච් ගීත් රණවීර සහ පොලොන්නරුව අත්තන්කඩවල ඉන්ද්‍රචාපා විජේසූරිය යන මහත්ම මහත්මීන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සරත් විජයරත්න මහතා මගින් පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ ලේකම් ඩබ් ඒ ආර් විමලසිරි , උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම් ආනන්ද කුලරත්න සහ උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවෝ කරනු ලැබ සිටිති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උතුරුමැද අධ්‍යාපන නිලධාරීන් පිරිසකට නොතීසි