IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


උතුරුමැද අඩු ආදායම් ලාභීන්ට මුල්‍ය හා ද්‍රව්‍යමය ආධාර

(දයාරත්න ඇඹෝගම)
 
උතුරුමැද පළාත් වාරිමාර්ග, ඉඩම් හා නිවාස, ග්‍රාම සංවර්ධන, මාර්ග සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යංශය මගින් පළාතේ  අඩු ආදායම්ලාභීන් සඳහා ස්වයං රැකියා උපකරණ, නිවාස සඳහා මූල්‍ය සහ ද්‍රව්‍යමය ආධාර බෙදාදීම අද (17) පළාත් ආණ්ඩුකාර ඇම්.පී.ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සමූපකාර ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.


ස්වයං රැකියා නියුක්තිකයන්  සඳහා රු. 38000/- ක වටිනාකමින් යුත් මහන මැෂින් ද, අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිලාභීන් 150 කට රු. 20,000/- බැගින් නිවාස මූල්‍යාධාර ද,  පොලොන්නරුව දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිලාභීන් 174 දෙනෙකු හා තවත් ප්‍රතිලාභීන් 326 දෙනෙකු සඳහා ආධාර ද බෙදා දුන්හ. 


මෙයට අමතරව ප්‍රතිලාභීන් 625 දෙනෙකු සඳහා සිමෙන්ති කොට්ට 8 බැගින් සිමෙන්ති කොට්ට 5000 ක් ද බෙදා දුන්හ.


ඉහත සියලු ප්‍රතිලාභීන් තෝරා ගන්නා ලද්දේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ග්‍රාම නිලධාරීන් සහ සමෘද්ධි නියාමකයන් මගින් වන අතර මෙහි පූර්ණ මුල්‍ය දායකත්වය පළාත් වාරිමාර්ග අමාත්‍යංශය මගින් සපයා දී ඇත.


මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් ආනන්ද කුලරත්න, පළාත් වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් පී.කේ. ජයලත් මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
 



අදහස් (1)

උතුරුමැද අඩු ආදායම් ලාභීන්ට මුල්‍ය හා ද්‍රව්‍යමය ආධාර

sampath Wednesday, 17 October 2018 10:52 AM

මේවා දෙන්නේ එදා වේල හොයාගන්න බැරි ඉන්න තැනක් නැති අන්ත අසරණ දුප්පතුන්ට නේද? සිමෙන්ති කොට්ට අටෙන් මොනවද මේ මිනිස්සුන්ට කරගන්න පුළුවන්? වැලි, ගල්, බාස් කුලී හොයාගන්න ඒ මනුස්සයා තව අවරුදු ගානක් ඉන්න වෙනවා. ඒක නිසා මේ මිනිස්සු කරන්නේ ඒ සිමෙන්ති ටික විකුණන එක. හරියට ගෙවල් පහක් හදලා දුන්නත් වටිනවා මේ වගේ වැඩ නොකර.

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 202 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1497 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site