( පුෂ්පකුමාර මල්ලවආරච්චි)
විදේශගතව උපයාගත් ධනය ද යොදවා වසර විස්සකට වැඩි කාලයක් පුරන්ව තිබූ කුඹුරු යායක් වගා කරමින් පවත්වාගෙන ගියද දී-ඇල් ඔයේ ජල පහරට යටවී සිය පළමු අස්වැන්න සම්පූර්ණයෙන්ම විනාශයට වූ ගොවි මහතකු පිළිබඳ පුවතක් වේයන්ගොඩ කොට්ටලින් වාර්තා වේ.
පවතින වර්ෂා තත්ත්වය සමඟ මෙසේ ගොවි බිම විනාශයට පත්ව ඇත්තේ කොට්ටල පදිංචි පී. විජය වික්‍රම (46) මහතාගේ ය.
වසර කිහිපයක් විදේශගතව සිටිමින් රැකියාවේ නිරත වූ විජයවික්‍රම මහතා යළි විදේශගතවීමේ අදහස හැර දමා ඇත්තේ 85 වියැති වයෝවෘද්ධ පියා සහ සහෝදරිය රැකබලා ගැනීමේ අදහසිනි.
ඔහුගේ නිවසට ආසන්නයේ පිහිටි පරගහවිට මහ වෙල්යායේ පුරන්ව තිබූ කුඹුර වගා කටයුතු සඳහා යොදා ගැනීමේ අදහස ඇතිව එහි වැවී තිබූ වල් උදුරා, කැලය කපා වගා කළ හැකි මට්ටමට වර්ධනය කර මීට මාස කිහිපයකට පෙර වගාව ආරම්භ කළ බව විජයවික්‍රම මහතා කීය.
ඒ අනුව මෙහි පැණි කොමඩු පැළ 3500 ක් ඇතුළු මෑ, බණ්ඩක්කා, වැටකොළු, බටු, තක්කාලි, බඩ ඉරිඟු ආදි බෝග වගා කර ඇත. වගා කටයුතු සඳහා ජලය ලබාගෙන ඇත්තේ ඒ අසළින් ගලා බස්නා දී- ඇල් ඔයෙනි.
ජල නල පද්ධති සැකසීමට ද ඔහු විශාල වියදමක් දරා ඇත. මේ සඳහා ඔහු දරන ලද වියදම රුපියල් ලක්ෂ හතරක් පමණ වේ. වගා බිම දිනෙන් දින පුළුල් වනවිට ප්‍රදේශයේ නිලධාරීන්ද පැමිණ පරීක්ෂා කර බලා අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.
වගාවන්හි පලදාව නෙළීමට ආසන්න තත්ත්වයේ තිබියදී වට වැස්සත් සමඟ ගලා ආ ජල කඳ උතුරා යාමෙන් වගා බිම ගතවූ සතියේ අවස්ථා දෙකකදී අඩි තුනක් පමණ යට වී ඇත. වතුරට යට වී තිබූ පැණි කොමඩු අස්වැන්න නෙළා අලෙවි කිරීමට සූදානම් වුවත් ඒ සියල්ල නරක් වී ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයක පැවතීම නිසා තම බලාපොරොත්තු සියල්ල සුනු විසුනුව ගිය බව විජයවික්‍රම මහතා කීය. බණ්ඩක්කා වගාවේ කොටසක් පමණක් ඉතිරිව ඇති අතර සෙසු බෝග සියල්ල විනාශව ගොසිනි.
ප්‍රදේශයේ තවත් ගොවි මහතකු පැවසුවේ වතුර වැඩි වන විට දී-ඇල් ඔයේ අමුණු විවෘත කර පැවතියේ නම් විනාශය අවම කර ගත හැකි ව තිබූ බවයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
උත්සාහයෙන් කළ වගාව දී-ඇල් ඔයේ ගසාගෙන යයි
Denesh Tuesday, 09 October 2018 09:52 AM
අපි සැමෝම එකතු වෙලා මොනවහරි උදව්වක් කරන්න පුලුවන්නම් හොඳයි......
hira Tuesday, 09 October 2018 10:41 AM
මේවා දකිනකොට පපුව පිච්චිලා යනවා.