(කාංචන කුමාර ආරියදාස)
ආහාරපාන සහ මාස තුනක වැටුප් නොලැබීම නිසා ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා සිටින කම්කරුවෝ තිස් දෙනෙකු පමණ තමන් ඉන්දියාවට පිටත් කර හරින ලෙස ඉල්ලා අද (4) දහවල් නැවතත් ගලේවෙල පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබූහ.
මෙම ඉන්දියානු කම්කරුවන් ගලේවෙල කොස්පොත ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් අධි බලැති විදුලි රැහැන් සවි කරන පෞද්ගලික ආයතනයක සේවය කරන බවත් ඔවුන්ට මූලික අවශ්‍යතාවයන් නොමැතිව සිය ගමන් බලපත්‍ර වීසා බලපත්‍ර කිසිවක් නොමැතිව සිටින බව ජනමාධ්‍ය මගින් හෙළිදරව් කෙරිණි.
ඒ අනුව පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමේ පිරිස මෙම කණ්ඩායම කඩිනමින් වැටුප් ලබා දී ඉන්දියාවට යැවීමට අවශ්‍ය පියවර ගන්නා බවට පොරොන්දු වී තිබුණ ද අද වනතුරුත් එය ක්‍රියාත්මක නොවීම නිසා ඔවුහු මෙයාකාරයෙන් පොලිසියට පැමිණ සිටියහ.
මෙසේ පැමිණ සිටි ඉන්දියානුවන් පැවසුවේ පැය කිහිපයක් පොලිස් ස්ථානයේ රැඳී සිටියදී ද සේවයට පැමිණි පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමේ නියෝජිතයෙකු පැමිණ හෙට දිනය ඇතුළත මෙම කම්කරුවන් තිස් දෙනා නැවත සිය රට පිටත්කර යැවීමටත් ඔවුන්ගේ මාස තුනක හිඟ වැටුප් ලබා දීමටත් පොරොන්දු වූ බවයි.
තමන් රැකියාවට රැගෙන ආ කොන්ත්‍රාත් සමාගම තමන්ට ආහාරපාන ලබා නොදී වැටුප් ලබා නොදී තමන් සතුව ඇති ගමන් බලපත්‍ර වීසා බලපත්‍ර සියල්ල සඟවා ගෙන සිටියදී ශ්‍රී ලංකාවේ ජනතාව තමන්ට ආහාරපාන ලබා දෙමින් සංග්‍රහ කළ බවයි. ශ්‍රී ලාංකික ජනතාවට ගෞරව කරන බව ද ඉන්දියානු ජාතික කම්කරුවෝ පවසති.
පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමේ නියෝජිතයන් ඉල්ලීම අනුව ඔවුන් පොලීසියෙන් නික්ම නැවතත් ගලේවෙල ප්‍රධාන බස් නැවතුම්පොළට පැමිණ බස් රථයකින් ඔවුන් නැවතී සිටි ගලේවෙල කොස්පොත ප්‍රදේශයේ නිවසට යෑමට සූදානම් විය.
ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ ලංකාවේ ජනමාධ්‍යවේදීන් නොසිටින්නට තවදුරටත් වැටුප් ආහාර ජලය නොමැතිව තමන්ගෙන් වැඩ ගන්නා බවයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉන්දියානු කම්කරුවන්ගෙන් යළිත් පැමිණිල්ලක්