ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා, පාකිස්තානු රජය විසින් පිරිනමනු ලබන නිසාන් ඊ ඉමිටියාස් නම් හමුදාමය ගෞරවාන්විත පදක්කමෙන් පිදුම් ලැබුවේය.
මේ වන විට පාකිස්තානයේ පැවැත්වෙන ‘අමාන් ජාත්‍යන්තර නාවික අභ්‍යාසය‘ සඳහා සහභාගී වී සිටින විජේගුණරත්න මහතාට පාකිස්ථානයේ ජනාධිපති අරිෆ් අල්වි මහතා විසින් ඉස්ලාමාබාද් නගරයේදී පැවති විශේෂ උත්සවයකදී මෙම පදක්කම් ප්රදානය සිදු කරන ලදී.
අද්මිරාල් විජේගුණරත්න 1995 දී පාකිස්ථානයේ කරච්චි විශ්ව විද්‍යාලයෙන් ගෞරව (BSc (Honours) (War Studies)) උපාධිය ලබා ඇති අතර, එය මෙරට හමුදා නිලධාරියෙකු ලද ප්‍රථම උපාධිය ලෙස ඉතිහාසයට එක්ව ඇත.
අද්මිරාල් විජේගුණරත්න මහතා අසමමිතික නාවික සංග්රාම හා කුඩා යාත්‍රා මෙහෙයුම් පිළිබඳ විශේෂඥයෙකු වන අතර, නාවික හමුදාවේ කොමාණ්ඩෝ බලකාය ලෙස සලකන විශේෂ යාත්‍රා බලඝණයේ නිර්මාතෘ මෙන්ම එහි ජ්‍යෙෂ්ඨතම නිලධාරියාද වන්නේය.
පාකිස්ථානයේ ලාහෝර්හි පිහිටි යුද පාසලෙහි නිත්‍ය කතිකාචාර්ය වරයෙකුද වන විජේගුණරත්නයන්, යුද බිමේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා අසමමිතික නාවික මෙහෙයුම් පිළිබඳව සිය දේශන පවත්වනු ලබයි.
නිසාන්- ඊ- ඉමිටියාස් නමින් හැදින්වෙන පදක්කම සුවිශේෂී ජයග්රහණයන් උදෙසා එරට සිවිල් පුද්ගලයන් හට පිරිනමනු ලබන ඉහළම අගැයීම් සම්මානය වේ. එම පිදුම සිවිල් පුද්ගලයින් මෙන්ම හමුදා සේවයේ යෙදෙන නිලධාරීන්ට පවා පිරිනමනු ලබයි. ඔවුන් එය හමුදා පළඳනාවක් ලෙස තම නිල ඇඳුමෙහි පලඳිනු ලබයි.
අද්මිරාල් විජේගුණරත්නයන් විසින් පිදුම් ලැබූ නිසාන්-ඊ-ඉමිටියාස් නමැති හමුදා පදක්කම, පාකිස්ථානු රජය විසින් පිරිනමනු ලබන්නේ විදේශීය රටවල රාජ්‍ය ප්‍රධානින් හට පමණි. එමෙන්ම ප්‍රශංසනීය හමුදා සේවයකට හිමිකම් කියන ජෙනරාල් (යුද්ධ හමුදා), අද්මිරාල් (නාවික හමුදාව, වෙරළාරක්ෂක හෝ මැරීන් බලකාය) සහ එයාර් චීෆ් මාර්ෂල් (ගුවන් හමුදාව) යන නිලයන් සඳහාද පිරිනමනු ඇත.
අතිශයින්ම සීමිත හා ගෞරවාන්විත ප්‍රධානයක් වන නිසාන්-ඊ-ඉමිටියාස් නම් හමුදා පදක්කම ඇමෙරිකා එක්සත් ජනපද රජය විසින් ප්‍රධානය කරනු ලබන ජානාධිපති නිදහස් පදක්කම සහ මහා බ්‍රිතාන්‍ය විසින් පිරිනමනු ලබන (Order of British Empire-UK) යන පදක්කම් වලට දළ වශයෙන් සමානත්වයක් උසුලයි.
(36698)
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ආරක්ෂක මාණ්ඩලික ප්රධානීට පාකිස්තානයෙන් ගෞරවාන්විත පදක්කමක්