IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ආයුධ සහ රන්මාලයක් සමග සැකකරුවකු අල්ලයි

( දයාරත්න ඇඹෝගම)


අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවකු මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන ජීව පතුරම් එකක් සහ රුපියල් 54000ක් වටිනා රන් මාලයක් සමග අද (18) අත්අඩංගුවට ගත්බව ඉපලෝගම පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 41 හැවිරිදි මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

මෙම පුද්ගලයා ඊයේ (17) තවත් පුද්ගලයෙකු සමග යතුරු පැදියකින් පැමිණ කැකිරාවේ සිට යතුරු පැදියකින් සිය දියණිය සමග නිවසට ගමන් ගනිමින් සිටි කාන්තාවකට පිස්තෝලයක් වැනි අවියක් පෙන්වා කලාවැව පැන්නුම අසලදි ඇයගේ ගෙල බැඳි රුපියල් 54000ක් පමණ වටිනා රන් මාලය සොරා ගෙන පලා ගොස් තිබුණි.

පල්ලේගෙදර පත්මිණි කුමාරි තිලකරත්න (37) නැමති මෙම කාන්තාව අවුකන පන්සල පාරේ පදිංචි තැනැත්තියෙකි. ඇය විසින් මංකොල්ලකරුවන් පැමිණි යතුරු පැදියේ අංකය සටහන් කරගෙන ඒ බව පොලිසියට දන්වා තිබේ.

ඒ අනුව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුගෙන් පොලිසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහුගේ නිවසේ සඟවා තිබූ මෙරට නිෂ්පාදිත ගිනිඅවියත්, පතුරමත්  කාන්තාවකගෙන් පැහැරගත් රන්මාලයත් සොයා ගෙන තිබුණි. මෙම ගිණිඅවිය සාක්කුවේ දමාගෙන යා හැකි පරිදි කොටට සාදා තිබූ බව පොලිසිය කියයි.

සැකකරු මෙවැනි අපරාධ සහ මංකොල්ලකෑම් 20කට අධික ප්‍රමාණයක් සිදුකර ඇතැයි පොලිසිය කියයි.

වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ඔහු අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයට භාරදී තිබේ.

අනෙක් සැකකරුද අත් අඩංගුවට ගැනීමට නියමිතය.

ඉපලෝගම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.



අදහස් (0)

ආයුධ සහ රන්මාලයක් සමග සැකකරුවකු අල්ලයි

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site