(ප්‍රින්ස් රත්නායක)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ආචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතා පත් කර ඇත.
ආචාර්ය මංජුල සුමිත් මා ගමගේ මහතා පේරාදෙණිය විද්‍යාලයේ පශුවෛද්‍ය වේදය පිළිබඳ විශේෂ උපාධිය ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලෙය් විසි වසරක ට අධික කාලයක් සේවය කරන අතර ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨ පීඨාධිපති වරයා ද වේ. පශු වෛද්‍ය විද්‍යාව, සත්ව පාලනය, සත්ව නිෂ්පාදනය, සත්ව ප්‍රජනන ජෛව තාක්ෂණය සම්බන්ධ මනා ප්‍රවීණත්වයෙන් හෙබි විශේෂඥයෙකි.
ආචාර්ය මාගමගේ මහතා ජපානයේ කෝබේ විශ්ව විද්යාලෙයෙන් සිය දර්ශනශූරී සහ දර්ශනපති උපාධිය ලබාගත් අතර ඇමරිකාවේ නෙබ්‍රෙස්කා විශ්වවිද්‍යාලයේ, කැනඩාවේ කැල්ගරි විශ්වවිද්‍යාලය, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලය, ඉන්දියාවේ ජාතික සත්ව ජෛව තාක්ෂණ ආයතනය, සහ ඉන්දියාවේ පසු පර්යේෂණ ආයතන වැනි ආයතනයන් හි සිය පර්යේෂණ කටයුතු මෙහෙයවූ විෂය ප්රවීණයෙකි.
පශු නිෂ්පාද සංවර්ධනය සම්බන්ධව විශාල උනන්දුවක් දක්වා ඇති ආචාර්ය ගමගේ මහතා තවමත් විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලබයි.
දැනට දිනකට මිලියනයකට අධික පාඩුවක් ලබන ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ජනපති උපදෙස් පරිදි අමාත්‍යංශය අධීක්ෂණය යටතේ නැවත නගා සිටුවීමට එහි වගකීම් පවරමින් ආචාර්ය මණ්ඩල මහතා වෙත මෙම පත්වීම් සිදුකර ඇත. රජයක් මගින් පාලනය වන ලොව ඇති විශාලතමතම කිරි ගොවිපල වන රිදියගම ගොවිපල පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ඇති ගවයින් දෙදහස් අටසියයක් පමණ සිටින ශ්‍රී ලංකාවේ ඇති විශාලතම කිරි ගොවිපල වේ.
මෙය ඇතුළු ගොවිපල 31 ප්‍රමාණයක් පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතුව ඇත. මෙම පසුසම්පත් මන්ඩලය සතුව පවතින ගොවිපලවල් නගාසිටුවීමේ ජාතික සංවර්ධන ඉලක්ක කරා මෙහෙයවීමට අවශ්‍ය දැනුම, විෂය දැනුම, ප්‍රවීණත්වය සහ භාවිතයන් තුළින් එම් ඉලක්ක කරලා ළඟා කර ගැනීමට ආචාර්ය මංජුල සුමිත් මා ගමගේ මහතා වෙත මෙම පත්වීම් සිදුකර ඇති බවට අනාවරණය කරයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ආචාර්ය මංජුල සුමිත් මාගමගේ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති ධූරයට