(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 169 හේකිත්ත වසමේ ග්‍රාම නිලධාරිවරයා රුපියල් හාර දහසක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අද (22) අත්අඩංගුවට ගත් බව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්දසිරි මහතා පැවසීය.
වත්තල ප්‍රදේශයේ කාන්තාවක් මීට දින කිහිපයකට ඉහතදී සැකකාර ග්‍රාම නිලධාරිවරයා හමුවට ගොස් ඇයගේ ස්වාමි පුරුෂයා නමින් පදිංචිය සනාථ කිරීම සඳහා සහතිකයක් ඉල්ලා සිටි අවස්ථාවේ මෙම අල්ලස් මුදල ඉල්ලා තිබූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවවරයා පැවසීය.
අදාළ කාන්තාවගෙන් ඒ පිළිබඳව ලද පැමිණිල්ල අනුව අද (22) සැකකාර ග්‍රාම නිලධාරිවරයා ඔහුගේ කාර්යාලයේ දී එම මුදල ලබාගනිද්දී අත්අඩංගුවට ගෙන අැත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අල්ලස් ගත් හේකිත්තේ ග්‍රාම නිලධරයා අත්අඩංගුවට
සීතා අතුකෝරාළ Monday, 22 October 2018 03:58 PM
ග්‍රාමසේවක කියන්නේ කිසිම වැඩකට නැති නිලයක්. බොරුවට මිනිස්සු රස්තියාදු කරවන, දියුණුවන ලෝකයේ කිසිම රටක නැති අල්ලස් සහ දුෂිත පිරීගිය සේවාවක්. ප්‍රාදේශීය සභාවකින් ඒ දේම ඉටුකරගන්න සකස් කලානම් හරි. මොවුන්ගේ ලියුම් ගැනීම අනවශ්‍ය වන විදියට සෑම දේම පරිගණක ගතකරන්න ඕනේ. ග්‍රාමසේවිකාවන් කිසිම දෙයක් කරන්න දෙන්නේ නෑ. චරිත සහතිකයක් දෙන්නේ නෑ. උප්පැන්නක් සහතික කරලා දෙන්නේ නෑ. විවාහ සතිකයක කොපියක් අත්සන් කරගන්න බෑ. කාර්යාලයට එන්නේ නෑ.
sanath Monday, 22 October 2018 05:42 PM
කොට්ටෝරුව කෙසෙල් ගහට කෙටුව දවසේ හිරවුණා දැන් ඉතින් අවුරුදු 10 ක් වත් හිරගෙදර ඉන්න වෙනවා. පුදුමේ කියන්නේ දේශපාලකයෝ ලක්ෂ 350 කට විනාශ කරත් නිදොස් කොට නිදහස් කලා. ඕකට තමයි කියන්නේ වතුර හැමදාම ගලන්නේ මිටීම තැනින් කියල.