( සමන් විජය බණ්ඩාර)
කෑගල්ල දිස්ත‍්‍රික්කයේ දුප්පත්ම ප‍්‍රාදේශීය සභාවක් වන අරණායක ප‍්‍රාදේශීය සභාවට නව සේවකයන් 19 දෙනෙකු බඳවා ගැනීමට කර තිබූ යෝජනාවකට විරෝධතාවය දක්වමින් එම ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂය වන පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරු ඊට විරෝධතාවය පළ කරමින් මන්ත‍්‍රීවරුන්ගේ මහා සභා රැස්වීම පැවැත්වෙන අතරවාරයේදී සභා ගර්භයෙන් අද (16) පිටව ගියහ.
අරණායක ප‍්‍රාදේශීය සභාවේ සභාපති එජාපයේ නිහාල් සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහා සභා රැස්විම අරණායක ප‍්‍රාදේශීය සභාවේ සභා ගර්භයේදී පැවැත්විණි.
එහිදී හෝරා කිහිපයක් සභා ගර්බයේ මන්ත‍්‍රීවරුන් සියලු දෙනා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අදහස් දක්වමින් අරණායක කලාපයේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් විවිධ සංවර්ධන යෝජනා සාකච්ඡා කළහ. එදින සභා වාර්තාවේ යෝජනාවක් හැටියට ඉදිරිපත් කර තිබූ කොන්ත‍්‍රාත් පදනම මත සේවකයන් 19 දෙනෙකු අරණායක ප‍්‍රාදේශීය සභාවට බඳවා ගැනීමට විරුද්ධව විපක්ෂය විසින් දිගින් දිගටම සභාවට අදහස් දැක්වූහ.
පසුව එම අදහස් දැක්විම් වලින් පසුව සභාවෙන් පිටවි ගිය පොදුජන පෙරමුණේ විපක්ෂ නායක ඩබ්ලිව් ජයරත්න මහතා ඇතුලූ මන්ත‍්‍රීවරුන් 15 දෙනා එම සභාවට ගොඩ වන පඩි පෙළක අසුන් ගෙන නිහඩ විරෝධතාවයකින් පසුව පිටව යන විට විපක්ෂ නායක ඩබ්ලිව් ජයරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වන මෙසේ පැවසීය.
අද අපේ ප‍්‍රාදේශීය සභාවේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් කර තිබුණා සේවකයන් 19 දෙනෙක් කොන්ත‍්‍රාත් පදනම මත බඳවා ගන්නවා කියලා.
අරණායක ප‍්‍රාදේශීය සභාව කියලා කියන්නේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ තිබෙන දුප්පත්ම ප‍්‍රාදේශිය සභාව සේවකයන් 19 දෙනෙක් බඳවා ගත හොත් වසරකට ලක්ෂ 19 කට වැඩි මුදලක් අරණායක ආසනයේ ජනතාවගේ බදු මුදල් වලින් පඩි ගෙවන්න සිද්ධ වෙනවා.
එපමණ මුදලක් ගෙවන්න මෙ ආසනයේ බදු මුදල් වලින් ආදායමක් ලැබෙනවාද කියලා ලොකු ගැටලූවක් තිබෙනවා. ඒ වාගේම මෙ බඳවා ගැනිම සම්පුර්ණයෙන් නිතී විරෝධිව මයි සිදු වෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අනුමැතියක් නොමැතිව ආණ්ඩුකාරතුමිය කිවා කියලා පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම්තුමා ප‍්‍රකාශ කරා කියලා තමයි මෙම බඳවා ගැනිම සිදු වෙන්නේ.
අපි මේ සඳහා දැඩි සේ විරෝධතාවය පෙළ කරනවා.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අරණායක ප්‍රා.සභාව උණුසුම් වෙයි