අනීෂා මානගේ
කුලියට ගන්නා මුවාවෙන් අයිතිකරු රවටා රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වන සුඛෝපබෝගි වෑන් රථයක් සොරකම් කර අංක තහඩු වෙනස් කර අලෙවි කර තිබියදී තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරින් විසින් රථයේ රියදුරු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු සම්බන්ධීකරණ නිලධාරියකුගේ රියදුරෙක් ලෙස සේවය කරන බෙලිඅත්ත දියඇල ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මෙම සුඛෝපබෝගී වෑන් රථය ත්‍රිකුණාමලය නිලාවැලි ප්‍රදේශයේ ව්‍යාපාරිකයාගෙන් දිනකට රුපියල් 5000/- බැගින් වූ මාසික කුලී පදනම මත නිලාවැලි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් ලබාගෙන ඇත.
ඊට පෙරද දෙවාරයක්ම මෙම පුද්ගලයා දිනකට රුපියල් පන්දහස බැගින් දින දෙකක් මෙම වෑන් රථයම කුලියට ගෙන රුපියල් 10000/- මුදලක් සමඟ නැවත අයිතිකරුට රථය භාර දී තිබේ.
මෙසේ මාසික පදනම මත දුන් වාහනයට කුලී නොගෙවීම නිසා විශ්වාසය කඩ කිරීම හේතුවෙන් ඔහුට විරුද්ධව රථයේ අයිතිකරු විසින් කුච්චවේලි පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව එම පොලිස් ස්ථානය විසින් සැකකරුට විරුද්ධව නඩු පවරා තිබී ඇත.
වෑන් රථය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී (WP)PD 3172 ලෙස ව්‍යාජ අංක තහඩුවක් යොදා තිබී ඇති අතර ව්‍යාජ ආදායම් බලපත්‍රයක් සහිතව හා රක්ෂණ ආවරණයක් නොමැතිව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිළ ලාංඡනය රථයේ ඉදිරිපස ප්‍රදර්ශනය කර තිබී ඇත.
අත්අඩංගුවට ගත් රථයේ රියදුරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඔහු මෙම රථය ලක්ෂ දහයක මුදලකට සපුගස්කන්ද ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මිලට ගෙන තැරුව්කරු සඳහා අමතරව තවත් රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා දී ඇතැයි අනාවරණය වී තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අයිතිකරු රවටා වෑන් රියක් සොරකම් කර පුද්ගලයෙක් අත්අඩංගුවට