IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


අඹගස්වැව පෙදෙසේ පිරිසක් අනවසරෙන් කුඹූරු කරතියැයි ගම්මුන්ගෙන් චෝදනා


 
ඩබ්. ඒ. පියතිලක
 
මැදිරිගිරිය අඹගස් වැව ජලය පවතින ප‍්‍රදේශය තුළ අනවසරයෙන්  පිරිසක් කුඹුරු කරන බවත් ඒ පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නත් මෙතෙක්  කිසිදු පියවරක් නොගෙන ඇති බව අඹගස්වැව මහසෙන් ගොවි සංවිධානය සහ එක්සත් ගොවි සංවිධානය කියයි.


මෙම වැවෙන්  කුඹුරු අක්කර 3000කට වැඩියෙන් ගොවිතැන් කටයුතු සිදු කරන අතර ගොවි පවුල් 3000කට වැඩි පිරිසක් යල මහ දෙකන්නයේ  ගොවිතැන් කරති. 


ගම්මාන වශයෙන් වඩිගවැව,කදුරුගස්වැව,මීගොල්ලෑව,පතොක්වැව,ගොඩපොත්ත, අඹගස්වැව,ජයතුගම,මහකන්දාරාව,පුපුදුගම,නිකහේන ආදි ගම්මානවල වැසින්  ගොවිතැනට අමතර තම දෛයිනික අවශ්‍යතා ඉටුකර ගනු ලබන්නේ ද මෙම අඹගස්වැවෙන් බව ප‍්‍රදේශයේ ගම්වැසියෝ කියති.


මේ පිළිබද අදහස් දැක්වු අඹගස්වැව එක්සත් ගොවි සංවිධානයේ සභාපති  කේ ජි ජගත් මහතා මෙසේ පැවසීය. මේ වැව රජ කාලේ ඉදලා තමයි තියෙන්නේ. මේ වැවෙන් කුඹුරු අක්කර 3500ක් පමණ යල මහ දෙකන්නයේ ම වැඩ කරනවා. මේ වන විට  වැව ඉහළින් ව්‍යාපාරිකයෝ පිරිසක් වැවේ වතුර තියෙද්දීම නියරවල් දාලා කුඹුරු කරනවා. රජවරු වැව්  හැදුවේ වැවේ කුඹුරු කරන්න නෙවෙයි වැවට එකතු වෙන ජලයෙන් කුඹුරු කරන්න. නමුත් දැන් වෙන්නේ වැව ඇතුලේ  කුඹුරු කරන්න පටන් අරන්. අපි දන්න විදියට වැවක තණ කොළ පිඩල්ලක්වත් කපන්න අවසරයක් නෑ. නමුත් දෙයියනේ  ට‍්‍රැක්ටර් දාලා කුඹුරු කරන කල් කිසිදු නිළධාරියකු මැදිහත් නොවී සිටිම පුදුමයක්. 


සෑම නිලධාරියකුටම දැනුම් දිලා තියෙනවා. ඒ වගේම හැම ගොවි රැස්වීමක ම කියලා තියෙනවා මේ වෙනකං කිසිම නිලධාරියකු මේ පිළිබඳ බලන්නවත් ඇවිත් නෑ. අපි කියන්නේ මේ වැවට අයිති සීමාව මැනලා අනවසරයෙන් වැවේ කුඹුරු කරන  අයව ඉවත් කරන්න කියලා තමයි. එහෙම නැති වුණොත් තව කන්නයක් යනකොට අඹගස්වැව තිබුණ තැනවත් හොයන්න හමු වෙන්නේ නෑ.
  



අදහස් (0)

අඹගස්වැව පෙදෙසේ පිරිසක් අනවසරෙන් කුඹූරු කරතියැයි ගම්මුන්ගෙන් චෝදනා

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1207 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 282 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1427 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site