(රොමේෂ් මධුෂංඛ)
මීට සති 2 කට පෙර දී වවුනියාවේ දී සිදු වු සමූහ ස්ත්‍රි දූෂණයකට සම්බන්ධ අපරාධකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසටත් උතුරේ කාන්තා හිංසන කරන්නන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසටත් ඉල්ලමින් කාන්තා සංවිධාන කිහිපයක් අද (28) වව්නියාවේදී විරෝධතා පාගමනක් පැවැත්වීය.
මෙම පාගමන වව්නියාව නගර මධ්‍යයේ සිට දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය දක්වා ගමන් කෙරිණි.
එහිදී විරෝධතාකරුවන් කියා සිටියේ මීට සති දෙකකට පෙර දූෂණයට ලක් වු දැරිය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් මෙම අපරාධයට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මේ වන තෙක් අපොහෝසත් වී ඇති බැවින් මෙම අපරාධය පිළිබඳ විශේෂ අවධානය යොමු කර අදාළ දැරියට සාධාරණයක් ඉටු විය යුතු බවටයි.
උතුරු පළාතේ ස්ත්‍රී දූෂණ සහ කාන්තාවන්ට හිරිහැර කිරීම් දිනෙන් දින වැඩිවී ඇති හෙයින් කාන්තා හිංසනය මැඩලීමට සියලු දෙනා එක්විය යුතු බව විරෝධතාකරුවෝ පැවසූහ.
විරෝධතාකරුවන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණො දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විධාන පතිරණ මහතා වෙත සන්දේශයක් බාදුන් අතර එහිදී වව්නියාව දිසාපතිවරයා පැවසුවේ මෙම ගැටළුව සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලති
Yes-Sir Wednesday, 29 November 2017 02:01 AM
පොලිසියට අහුවෙන්න නම් පොල්ගෙඩියක් හොරකම් කරනවා වගේ බරපතල අපරාධයක් කරන්න ඕනේ, බැංකුවක් කඩන ,මිනි මරණ ,ස්ත්‍රිදුෂණය කරන , කුඩු කන්ටේනර් ගෙනෙන මැති ඇමැතින්ගේ යාළුවන් කරන අහිංසක අපරාධ වලට පොලිසිය කාලය යොදවන්නේ නැහැ.