IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


අපනයන කෘෂි අංශයේ නව සොයා ගැනීම් එළි දක්වන 5 වන වාර්ෂික සමුළුව ඇරඹෙයි

(මොහොමඩ් ආසික්)

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය සිය නව සොයා ගැනීම් එළි දැක්වීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන සමුළුවේ පස් වන වාර්ෂික  සමුළුව අද (18) සමාජ සුභ සාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය ගන්නෝරුවේ පිහිටි පැලෑටි හා ජාන සම්පත් මධස්ථානයේදී ආරම්භ විය.

දේශිය කුළු බඩු ගුණාත්මකව නිෂ්පාදනය කර අපනයනය කිරීම මගින් වැඩි විදේශ විනිමයක් උපයා ගැනීම අරමුණු කර ගෙන මෙම සමුළුවට සමගාමීව ප්‍රදර්ශණයක්ද සංවිධානය කර ඇති බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී.හීන්කෙන්ද මහතා මෙහිදී පැවැසීය.

මෙම උත්සවයේදී නව ගම්මිරිස් ප්‍රභේද තුනක් සොයා ගත් ආචාර්ය ජේ.එම්. සෙනෙවිරත්න මහතාට ජාත්‍යන්තරයෙන් ලැබුණු සම්මානය නිළ වශයෙන්  පිරිනැමීමද අමාත්‍ය දයා ගමගේ මහතා අතින් සිදු විය.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශයේ නව සොයා ගැනීම් විශාල ප්‍රමාණයක් මෙහිදී එළි දක්වනු ලබන අතර මෙම ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා උනන්දුවක් දක්වන  ව්‍යවසායකයින්ට  අවශ්‍ය දැනුම උපකරණ යන්ත්‍ර සූත්‍ර ආදිය ලබා ගැනීමටත් අවශ්‍ය පහසුකම  මෙම ප්‍රදර්ශණය තුළ සලසා ඇති බවද අධ්‍යක්ෂ ජනරාල් වරයා කීය.

දිවයින පුරා අපනයන ගම්මාන 5500 ක් ආරම්භ කරන බවත් එයින් ගම්මාන 1000 ක් මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කර කෘෂි බෝග අපනයනය කර විදේශ විනිමය විශාල වශයෙන් උපයා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවැසීය.



අදහස් (0)

අපනයන කෘෂි අංශයේ නව සොයා ගැනීම් එළි දක්වන 5 වන වාර්ෂික සමුළුව ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 189 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1207 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 282 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1402 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1341 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site