IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අනවසරෙන් අඹ කැඩු කාන්තාවට ඇප

(උපාලි ආනන්ද) 
 
අසල්වැසි නිවසකින් අඔ ගෙඩි 19ක් අනවසරයෙන් කඩා ගත් බවට සැකපිට අත් අඩංගුවට ගත් කාන්තාවකට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස අනුරාධපුර  ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂන් කැකුණවෙල මහතා අද (17) නියෝග කළේය. 

ලබන වසරේ ජනවාරි 30 වැනි දා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද  සැකකාර කාන්තාවට නියෝග කැරිණි. 

සැකකාර කාන්තාව අනවසරයෙන් කඩා ගත් බවට සැකකරන අඔ ගෙඩි 19 ක් ද පොලිස් බාරයට ගෙන නඩු භාණ්ඩ ලෙස ලේඛණ ගත කර තිබේ.

තමන් අනවරසයෙන් අඔ ගෙඩි 19 ක් නොකැඩූ බවත් අඹ මාලූවක් සඳහා තමන් අනවසරයෙන් කඩා ගනු ලැබුවේ අඔ ගෙඩි  තුනක් පමණක් බවත් සැකකාර කාන්තාව සිය කටඋත්තරය මගින් පොලිසියට ප‍්‍රකාශ කරනු ලැබුවාය .



අදහස් (10)

අනවසරෙන් අඹ කැඩු කාන්තාවට ඇප

Senarath Wednesday, 18 October 2017 09:58 AM

අඹ ගෙඩි 19 ක් කපු කෙනාව අත්අඩංගුවට ගෙන නිතිය ක්‍රියාත්මක වෙනවා එත් මහා බැංකුව දවාලේම ඉතාම සැලසුම්සහගතව කාපු උදවියට තවම මුකුත් කෙරුනේ නැහැ. තවම කොමිසන් දමාගෙන විස්තර අහනවා. මේකද යහපාලනය ? මේකද පොලිස් කොමිසම් වලින් කෙරෙන්න ඕනේ ? මේවා රජයේ මුදල්, කිසිම ප්‍රමාදයක් නොකර අනෙක් උදවියට පාඩමක් ඉගෙන ගන්න පුළුවන් වෙන විදියට දඩුවමක් දෙන්න ඕනේ මහා පරිමාන වැරදි .

:       0       106

prasad Wednesday, 18 October 2017 10:05 AM

අඹ ගෙඩි 19 ට රුපියල් ලක්ෂයක ඇප. මහ බැංකුවේ වංචාවට නඩු දැම්මොත් අඩුම ගානේ ලංකාවේ මුළු දළ ජාතික නිෂ්පාදනයට සමාන ඇපයක් වත් ඕන වෙයි. ඕව ගැන හිතල තමයි මහ බැංකුවේ වංචාවට නඩු දන්නේ නැතිව අවුරුදු 2 තිස්සේ අතගාන්නෙ.

:       0       42

aravinda Wednesday, 18 October 2017 10:14 AM

මෙවැනි සුළු සොරකම් වලට නඩු දැමීම, පොලිසි සහ උසාවි වල කාලය කා දැමීමක් පමණි. මෙවැනි දේ නිසා තමා අද උසාවි වල නඩු ගොඩ ගැසී, නඩුවක් විසදීමට අවරුදු 20 ක් කල් ගත වන්නේ. මෙවැනි සුළු හොරකම් සමාදාන වින්ශ්චයකරුවෙකු හෝ පොලිස් ස්ථානාධිපති මාර්ගයෙන් විසදා ගත යුතුයි.

:       0       145

leel gunawardena Wednesday, 18 October 2017 11:47 AM

ලංකාවේ නීති,රිති බොහෝම පැරණියි නඩුවක් විභාග කර අවසන් කරන්නට කල්පයක් ගතවෙනවා අරවින්ද කියනවා වගේ මේ උසාවි ක්‍රමය වෙනස්විය යුතුයි මේ ක්‍රමය සූරන් කන ජාවාරමක් වෙලා. මිනිසුන් පිඩාවට පත් කරලා කණගාටුයි කියන්නට.

:       0       64

de silva Wednesday, 18 October 2017 12:30 PM

මේම කාන්තාවත් රුපියල් මිලියන 1000 කවත් මහජන සල්ලි වංචාකල නම්, ඇප අවශ්‍ය වෙන්නේ නැහැ. කොමිසමකට ගිහින් මොනවා හරි බොරුවක් කියල ගෙදර එන්න තිබුණා.

:       0       37

raheem Wednesday, 18 October 2017 03:06 PM

මේ අඹ ගෙඩි 19 වටිනාකම කීයද? දැන් මේකට නඩු කියන්න පොලිසියට උසාවියට යන කාලය කොච්චර යනවද ? මේවගේ පැමිණිලි ඇයි සමත මණ්ඩලය හරහා විසදන්න බැරිද? ලංකාවේ තියෙන්නෙම මේවගේ බරපතල නඩු. එක්කෝ පොල් ගෙඩි 6 කඩුව කියයි. සමහරු කෝටි ගණන් වංචා කරලත් කිසිම ඇප නැතුව ඉන්නවා. දෙයියන්ට ඔප්පු වෙච්චාවේ

:       0       25

kavantissa Wednesday, 18 October 2017 04:22 PM

කඩා ගත්තා කියන්නේ ගෙඩි තුනයි, නමුත් නඩු දාන්නේ ගෙඩි දහ නමයකට. මෙතැන තියෙන්නේ අසල් වැසියාගේ කුහක කමක්.

:       0       48

ඉලේපෙරුම Thursday, 19 October 2017 03:08 AM

මෙවැනි සොරකම්වලට අනිවාර්යයයෙන් උසාවි දමා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. සොරකම් කළ කෙනා තමන් සොරකම් කළ නියම ප්‍රමාණය කවදාවත් කියයිද? හොරාගේ කීම ඇත්ත හැටියට බාර ගෙන ඉඩම් අයිති කරුට අපහාස කරන්නේ ඇයි? කෝලාහලවලට නොගොස් නීතිගරුකව කටයුතු කිරීම ගැන ඉඩම් අයිති කරුට ස්තුති කළ යුතුයි.

:       43       1

Lapaya Thursday, 19 October 2017 03:44 AM

කෝටි ප්‍රකෝටි ගණන් මහජන මුදල් වංචා කරලා කට උත්තර දීමත් ප්‍රතික්ෂේප කරලා ඉන්න පුළුවන් රටේ මේ මහලු කාන්තාව බඩගින්නට කන්න කඩපු අඔ ගෙඩි 3 ට ලක්ෂයක් ඇප. සකල සිරින් පිරි සිරි ලංකාවේ නිතිය ගැන කොහෙන් හිනා වෙන්නද ඕනේ කියල තමයි හිතන්න වෙන්නේ.

:       0       8

kdn chandrasiriThursday, 19 October 2017 05:56 AM

අහින්සකයන්ට දඬුවම් දෙන්න හරි දස්සයි සල්ලිකරින්ට නීතිය නිකන්ම නැමෙනවා.

:       0       58

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site