IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අනවසරයෙන් වැලි ගොඩ දැමූ පිරිසක් ට්‍රැක්ටර්ද සමඟ පොලිස් බාරයට

(නිමල් ජයරත්න)
 
පොළොන්නරුව වැලිකන්ද බෝවත්ත මොත්තරම ප්‍රදේශයෙන් වැලි ගොඩ දමා ප්‍රවාහනය කරමින් සිටි ට්‍රැක්ටර් හතරක් සහ පුද්ගලයන් පිරිසක්  අද (22 )  අල්ලාගෙන වැලිකන්ද පොලිසියට භාර දිමට  අද දහවල් බෝවත්ත ගොවි සංවිධාන නියෝජිතවරුන්  පිරිසක් කටයුතු කර තිබූ බව පොලීසිය කියයි.
 
වැලිකන්ද ගිණිදමන ශ්‍රී ජිනේද්‍රාරාමයේ ඉදි කරන පොදු ළිදක් සදහා අවශ්‍ය වැලි ලබා ගැනිමට යැයි පවසා එම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින්වහන්සේ ඇතුලු ගොවි සංවිධාන නියෝජිතයන් මෙන්ම තරුණයන් 20කට ආසන්න පිරිසක් මෙම ප්‍රදේශයේ වැලි ගොඩ දැමිමට පැමිණ සිටියදි ඒ පිලිබද ආරක්ෂක අංශ දැනුවත් කර තම භාරයට ගත් බව බෝවත්ත ඩී.6 මහසෙන් බෙදුම් ඇල ගොවි සංවිධාන සභාපති ඩී.එම්. මංජුල ප්‍රියන්ත මහතා සදහන් කලේය.
 
ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ දිනවල ප්‍රදේශයේ වැලි ගොඩ දැමිම තහනම් කර තිබියදි මෙම නිතිවිරෝධි කටයුත්ත වෙනුවෙන් ගොවි සංවිධානයක් ලෙස තමන් පෙනී සිටිමින් ඊට විරුද්ධව කටයුතු කළ බවත් තම ගම්මානයේ විහාරස්ථානයට හෝ නිවසක් වැසිකිලියක් ඉදි කිරීමටවත් වැලි ටිකක් ලබා ගැනීමට නොහැකි මොහොතක පිටස්තරයින් පිරිසක් පැමිණ වැලිරැගෙන යාම අසාධාරණයක් බවයි.
 
අප මේ පිලිබදව ගිණිදමන ශ්‍රී ජිනේද්‍රරාමයේ විහාරාධිපති ස්වාමින් වහන්සේගෙන් සහ පැමිණ සිටි ගොවි නියෝජිතයින්ගෙන් කල විමසීමකදි පැවසුවේ ගිණිදමන විහාරස්ථනයේ ඉදිවන පොදු ළිද සහ අවශ්‍ය වැලි ලබා ගැනිමට අදාල බලධාරින් දැනුවත් කර මෙම කටයුත්ත සිදුකර ඇති බවයි.
 
අනතුරුව බෝඅත්ත ගම්වාසින්ගේ දැඩි විරෝධයත් සමග වැලිකන්ද පොලිසියේ නිලධාරීහු පිරිසක් සිවිල් ඇදුමින් පැමිණ එම ට්‍රැක්ටර් රථ හතර සහ පුද්ගලයින් පිරිස පොලිස් ස්ථානයට රැගෙන යාමට කටයුතු කළහ.
 
අප මේ පිලිබදව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමකදි පැවසුවේ අදාළ ට්‍රැක්ටර් හතර අත්අඩංගුවට ගත් බවත් මොවුන් ප්‍රදේශයේ වැලිකැනිම් කටයුත්තක් කර ඇද්ද යන්න විමර්ශනයක් සිදුකර ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.


 



අදහස් (0)

අනවසරයෙන් වැලි ගොඩ දැමූ පිරිසක් ට්‍රැක්ටර්ද සමඟ පොලිස් බාරයට

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site