(හිඟුරක්ගොඩ - ඩබ්. ඒ. පියතිලක)
රුපියල් ලක්ෂ 10කට වඩා වටිනාකමකින් යුත් සොමාවතිය ජාතික උද්‍යානයේ ඉතා දුර්ලභ ශාක විශේෂයක් වන මී ගස් අනවසරයෙන් කපා සුංගාවිල දෙසට ට්‍රැක්ටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදි අද (11) පොලොන්නරුව කොට්ඨාශ දූෂණ මර්ධන අංශය විසින් පුද්ගලයින් දෙදෙනෙකු සමග ලී තොගය අත්අඩංගුවට ගත් බව කියයි.
ලංකාව තුල අධි ආරක්ෂිත ශාකයක් වන මී ශාකය මෙසේ සෝමාවතිය ජාතික උද්‍යානයේ සිට කපා ප්‍රවාහනය කරමින් සිටියදී මුස්ලිම් ජාතික පුද්ගලයින් දෙදෙනෙක් සහ කපා කොටස් කරන ලද රුපියල් ලක්ෂ 10ක පමණ වටිනා දැව තොගය ප්‍රවාහනය කරන ලද ට්‍රැක්ටර් රථය අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාශ දූෂණ මර්ධන අංශය කියයි. දින කීපයකට පෙර කපන ලද බව හඳුනා නොගැනීම සඳහා ලී තොගයේ මඩ තවරා ඇත්තේ පරණ බව පෙන්විම සඳහා බව සැකකරුවන් පවසා තිබේ.
මෙම ලී තොගය සෝමාවතිය ජාතික උද්‍යානයේ සිට සුංගාවිල නගරය දෙසට ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව රැයක් පහන් වනතුරු පොලොන්නරුව කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරින් උද්‍යානය තුළ රැකසිට මෙම වැටලීම සිදුකර තිබේ. පොලොන්නරුව කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ. පි . ධමිමික වීරසේකර මහතාගේ නියෝග පරිදි පොලොන්නරුව කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ටී. ඒ. ඒ. ගුණතිලක, පුලස්තිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක කේ.පී.පී. පතිරණ ඇතුළු පොලිස් සැරයන් 33324 උපාලි, 57428 ගාමිණි, පොලිස් කොස්තාපල් 35698 කුමාර, 73141 අමරසිංහ, 71680 රාජපක්ෂ, 81872 සමන්, 91603 කැකුළන්දර , 27028 කුලතුංග යන නිලධාරින් එක්ව මෙම වැටලිම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් දැව තොගය සහ ට්රැක්ටරය ඇතුළු සැකකරුවන් දෙදෙනා අද (11) දින පොලොන්නරුව අධිකරණය ඉදිරිපත් කිරිමට නියමිත බව පොලොන්නරුව කොට්ඨාශ දුෂණ මර්ධන අංශය කියයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අනවසරයෙන් මී දැව ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට