IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


අනතුරට ලක් වූ ලොරියේ හොරෙන් හරක් ගෙන ගිහින්

(බන්දු තඹවිට)

දර්ගානගරය දෙසට නීති විරෝධීව එළ ගවයන් සිව් දෙනෙකු ප්‍රවාහනය කළ කුඩා ලොරි රථයක් වැලිපැන්න අධිවේගී පිවිසුම අසලදී අනතුරට ලක්වීමෙන් පසුව අද (28) අලුයම වැලිපැන්න පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.
 
අලුත්ගම මතුගම මාර්ගයේ මතුගම දෙස සිට අලුත්ගම දර්ගානගරය දෙසට අද (28) අලුයම ධාවනය වෙමින් තිබු කුඩා ලොරි රථයක් කඩවත සිට බෙලිඅත්ත දක්වා සිමෙන්ති ප්‍රවාහනය කල කන්ටේනර් ටැංකියක් සහිත ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුර සිදුවූ වහාම කුඩා ලොරි රථයේ ගමන් කරමින් සිටි තිදෙනෙකු වාහනය එම ස්ථානයේ දමා පලාගොස් ඇත.
 
මෙම අනතුර වාර්තා වීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි අධිවේගී මාර්ග පොලිස් මුරපොලේ නිලධාරීන් සහ වැලිපැන්න පොලිසියේ නිලධාරීන් කුඩා ලොරි රථය පරීක්ෂා කිරීමේදී එම කුඩා ලොරි රථය තුළ සිරවන ලෙස ගැට ගසා සිටි එළ ගවයන් සිව් දෙනෙකු සිටින බව හෙළිවී ඇත.
 
පසුව එම ගවයන් ගැට ගසා තිබුණු කඹ කපා ගවයන් සිව් දෙනා ට නිදහසේ සිටීමට පොලිස් නිලධාරීන් විසින් කටයුතු කළ අතර මෙම ගවයන් නීති විරෝධීව ප්‍රවාහනය කරමින් සිට ඇති බවත් ,එම නිසා එම ගවයන් ප්‍රවාහනය කල පුද්ගලයන් පලාගොස් ඇති බවත් පොලිසිය පවසයි.
 



අදහස් (0)

අනතුරට ලක් වූ ලොරියේ හොරෙන් හරක් ගෙන ගිහින්

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 189 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1207 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 282 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1404 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1341 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site