IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අකුරණ නගරය ගංවතුරෙන් වළක්වා ගන්න නාසා ආයතනයේ සහය ගන්න යයි

(මොහොමඩ් ආසික්)

අකුරණ නගරයට නිරන්තරයෙන් ඇති වන ගංවතුරෙන්  සිදු වන හානි වළක්වා ගැනීම  සඳහා නාසා ආයතනයේ  සහාය ලබා ගෙන විශේෂ වැඩ පිළිවෙළක් සකස්  කරන බවත්  ඉදිරි මාසයක් වැනි කාලයක් තුළ එය ක්‍රියාත්මක කරන බවත් අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති ඉස්තිහාර් ඉමාමුදීන් මහතා කීය.

අද (07) වැනිදා අලවතුගොඩ  පිහිටි අකුරණ ප්‍රාදේශීය සභා කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා එම අදහස් ප්‍රකාශ කළේය.

ඔක්තෝබර්  පළමුවන දින රාත්‍රී කාලයේ අකරණ නගරය ජලයෙන් යටවීම හේතුවෙන්  වෙළඳ සැල් 300 කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවූ අතර පැය තුනකට වැඩි කාලයක් ඒ 09 මාර්ගයේ වාහන ගමනාගමනයද ඇනහිට තිබිණ.

25 වරකට වැඩි  ප්‍රමාණයක් අකුරණ නගරය ජලයෙන් යටවී ඇති බවත් එමගින් නගරයේ ව්‍යාපාරිකයින්ට රුපියල් බිලියන ගණනාවක අලාභයක් සිදුව ඇති බවත් ජාතික ආර්ථිකයටද  මෙමගින් විශාල අලාභයක් සිදුව ඇති බවත් සභාපතිවරයා මෙහිදී කීය.

සභාපතිවරයා මෙහිදී තව දුරටක් සඳහන් කළේ දේශපාලඥයින් පසුගිය වසර 20 තුළම ඡන්ද පදනම බලාගෙන දේශපාලන වාසියට ක්‍රියාකිරීම නිසා මෙම ගංවතුර ගැටළුවට විසඳුමක් ලබා  නොදුන්  බවයි.

පසුගිය කාලයේ රජයේ ප්‍රබල ඇමතිවරුන් මෙම ගංවතුර තත්වය පරීක්ෂා කිරීම සඳහා පැමිණ රැස්වීම් තියා විවිධ පොරොන්දු දී ගියද ඒවා  කිසිවකින් ප්‍රයෝජනයක් නොවූ බවත් අදත් කුඩා වැස්සකටත් නගරය ජලයෙන් යටවන බවත්  සභාපතිවරයා කීය.

දේශපාලඥයින්ගේ මෙම ක්‍රියාවන්  නිසා  කෙටි කලකින් විසඳිමට තිබූ මෙම ගැටළුව වසර 20 කට වැඩි කාලයක් ඇද ගෙන ඇවිත් තිබෙන  බවද සභාපතිවරයා  කීය.

මේ සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස  අධ්‍යයනය කර  විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. එය ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. ඒ අතර ඇළට දැඩි ලෙස  අවහිරව ඇති ගොඩනැගිලි අටක් හඳුනා ගෙන ඇති අතර එම ගොඩනැගිලිවල  සැලසුමට පිටින් ඉදි කර ඇති කොටස් ඉවත් කිරීම , ඉදි කර ඇති පාලම් හතරක් හඳුනා ගෙන ඇති අතර එම පාලම්ද කඩා අලුතින් අදට ගැළපෙන ආකාරයට  නව පාලම් ඉදි කළ යුතුව ඇතැයි ඒ මහතා කීය.

නමුත් මේ සඳහා ප්‍රාදේශිය සභාවක් වශයෙන් අපට ප්‍රතිපාදන නෑ. රේඛිය අමාත්‍යාංශ ඇවිත් බලල ගියත්  ඔවුන් අපට ප්‍රතිපාදන දෙන්නෙත් නෑ.  ඒ අය කරන්නෙත්  නෑ. ඒ නිසා අපට පුළුවන් විදිහට යම් දෙයක් කරන්න ඕන  කියල අපි හිතනවා.

මෙහි ප්‍රධානම අංගයක් ලෙස ගංවතුරක් ඇති වූ විට එයින්  ඇති වන හානි  වළක්වා ගැනීම සඳහා  නාසා ආයතනයේ සහායෙන්  ගංවතුරක් ඇති වන බව කලින් හඳුනාගෙන  ජනතාවට පණිවිඩයක් ලබා දිය හැකි ක්‍රමයක් හඳුන්වා දීමට අපි පියවර ගනිමින් ඉන්නවා. 

තව මාසයක් වැනි කාලයක්  තුළ එය කරන්න පුළුවන් වෙයි.  ඒ වගේම අකුරණට කාලගුණික තත්වයන් දැනුම් දිය හැකි මධ්‍යස්ථායක් ස්ථාපිත කිරීමටත් අපි කටයුතු කරමින් සිටින බවද සභාපතිවරයා මෙහිදී කීය.

සාමාන්‍යයෙන් පැය තුනක කාලයක් මිලි මීටර් 40 ක  වර්ෂාපනයක් අකුරණට ලැබුණොත් අනිවාර්යෙන්ම නගරය ජලයෙන්  යට වන බව සමීක්ෂණයකින් හෙළි කර ගෙන තියෙනවා  යැයිද සභාපතිවරයාමෙහිදී කීය.

මෙම මාධ්‍ය  හමුවට අකුරණ ප්‍රාදේශිය සභාවේ උප සභාපති සරත් අමරකෝන් මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද එක්ව සිටියහ.

 



අදහස් (9)

අකුරණ නගරය ගංවතුරෙන් වළක්වා ගන්න නාසා ආයතනයේ සහය ගන්න යයි

Raveendra Monday, 07 October 2019 06:06 PM

ඇයි කට ඇරලා කියන්න බැරි අකුරණ නගරය අසලින් ගලා යන ඇළ මාර්ගය ඔහෙලාගේම හිගන්නෝ ඇළ නැතිවෙන්නම ගොඩනැගිලි හදලා නිසා ඇළමාර්ගය සම්පුර්ණයෙන්ම වැහිලා ජලය ගලායාමට බාද ඇතිවෙලා නිසා මෙසේ ගංවතුර ඇතිවෙනවා කියලා.ඒ හදලා තියෙන ඔක්කොම ගොඩනැගිලි අයින් කරලා ඇළ නිසිලෙස නඩත්තු කරලා බලන්න ඕකට නාසා එකේ අය ඕනෙද ? කෙටියෙන් කියනවා නම් ඔතන මාර්ගය කොතරම් පටුද? වෙළදාම වෙනුවෙන්, භූමිය වෙනුවෙන් ඔබලා මොනතරම් බොරු කියනවද කියන එක දන්න අය හොදටම දන්නවා.

:       0       24

ලුම්බිණි Monday, 07 October 2019 11:43 PM

නාසා ආයතනයේ සහාය මොකටද? ඔය ගොඩ කරලා තිබෙන වතුර බහින්න තිබුන ඇලවල් ටික ආයෙත් හාරන්න. එතකොට ප්‍රශ්නේ ඉවරයි.

:       0       9

ගෝඨාභය Tuesday, 08 October 2019 12:51 AM

ඉස්සරහට වැඩේ ලෙහෙසියි. නසා එක පටස් ගාලා උදවු කරනවා. මොකද සජිත් දින්නොත් අමර්කාවේ අතකොළුවක් ලංකාවේ අගමැති නැත්තන් හැමෝම බලාපොරොත්තු වෙන ලෙස ගෝඨාභය දින්නොත් ඇමෙරිකාවේ රූකඩයක් ලංකාවේ ජනපති. මේක නිකම්ම ඇමෙරිකාවේ කොලනියක්. පොරොන්දු නොව ප්‍රතිපති වෙනුවෙන් විකල්පය දිනවමු.

:       0       2

රවින් Tuesday, 08 October 2019 02:01 AM

දේශපාලනික හා ආරක්ෂක අතින් ඒ තරම් නුවනක්කාරි ක්‍රියාවක් නොවේ. මොන ආයතනයෙන් උපදෙස් ගත්තත් ඔය නගරය තුල ඉදිකර තිබෙන අනවසර ගොඩනැගිලි ඉවත්කලේ නැතිනම් ගංවතුර වැලැක්විය නොහැක. නගරය මැදින් තියන ස්වභාවික ජලය බැසයන ඇළ මාර්ගය අවහිර වීමෙන් නේද ගංවතුර ඇති වෙන්නේ? නගරය මැද තියන මුස්ලිම් පල්ලිය යටවනවාද? නැතිනම් පල්ලිය ඉදිරිපිට තියන පැරණි නිවාස යටවෙනවාද? ඔය සියලු අකරතැබ්බයන් සිදුවන්නේ මෑතකදී සිදුවූ ඉදිකිරීම් වලින් පසුව නේද?

:       0       2

Sanath Kandy Tuesday, 08 October 2019 04:02 AM

හේතුව අනවසර ඉදිකිරීම්. තමුන්ගේ වල තමන්ම කපාගෙන දැන් විසදුම් හොයනවා. එකම විසදුම සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමයි.

:       1       62

ratiya Tuesday, 08 October 2019 04:10 AM

කාණු වහලා ගුබ්බෑයම් අටවගන්නවා. වතුර බහින්න තියා පාරකවත් යන්න ඉඩ නෑ.

:       0       5

මචන් Tuesday, 08 October 2019 05:30 AM

නයි ගෙට දාගෙන කෑවෝ කෑවෝ කියන්න එපා හරිද..?.

:       0       2

සේන Tuesday, 08 October 2019 06:15 AM

ඇයි මේ නගරය තියෙන්නෙ අභ්‍යාවකාශයේද ? නිකම් විහිළු සපයනවා. ඔය වැඩේ ජාතික ඉංජිනේරු සංස්ථාවට හරි මොරටුව විශ්වවිද්‍යාලයට හරි බාර දෙන්න. ලස්සනට කරාවි. හැබැයි හොරකම් කරන්න අමාරු වෙයි.

:       0       2

sharm warn Friday, 11 October 2019 03:23 AM

අකුරණ නගරය මම ජීවිත කාලෙම දැකපු තැනක්. ලෝකේ තියෙන අපිලිවෙලම ගම කියන්න පුළුවන්. ජලය බැස යන්න තියෙන එකම ඇළ මාර්ගය ගොඩ කරගෙන තට්ටු 8-10 ගෙවල් හදා ගන්නකොට මොන නාගරික අධිකාරියෙන්වත් හොයන්න ගියෙත් නැහැ මොන නගර සභාවෙන් /ප්‍රාදේශීය සභාවෙන් වත් වැඩේ නවත්තුවෙත් නැහැ.. දැන් එයාලම ලොකුකම පෙන්වල කරගත්තු වැඩ වල විපාක විදිනවා. නාසා ආයතනයෙන් ද දැන් ලංකාවේ නගර සංවර්ධනය කරන්නේ? කවද ඉදලද නාසා එකට බලතල දුන්නේ? පාලකයෝ මේවට උඩ බලාගෙන ඉන්නවා සුළු ඡන්ද වලට තියෙන කෑදරකම නිසා. අපිට නම් මේවට හිනා යනවා දැන් අදෝනා කියනකොට ...

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site