(ඩී.ජී.සුගතගපාල)
අක්මීමණ ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු රැස්විමේදි මයික්‍රෆෝනය දිමට ප්‍රමාදවිම නිසා අක්මිමණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකවරයාට පහරදුන් බව කියන අක්මිමණ ප්‍රාදේශිය සභාවේ උප සභාපති සුගත් ආනන්ද මහතා රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ සියය බැගින් වු ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා අද (18) නියෝග කළේය.
සැකකරුට දැඩිලෙස අවවාද කළ මහේස්ත්‍රාත්වරයා සැම ඉරුදිනකම අක්මිමණ පොලිස් ස්ථානයට වාර්තා කරන ලෙසටද නියෝග කළ අතර ඇප කොන්දේසි උල්ලංඝණයකලොත් ඇප අවලංගු කරන බවද එනිසා ශරිර ඇපකරුවන්ට එය මුදලින් ගෙවිමට වත්කම් තිබෙන බවට ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු බවටද නියෝග කළේය.
ඉකුත් 9 වනදින ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අක්මිමණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි අක්මිමණ ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු රැස්විම පැවැත්වෙමින් තිබියදි සැකකරු ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහායක සමරරත්න යන අයගෙන් මයික්‍රෆෝනය ඉල්ලා තිබේ.
එම අවස්ථාවේ ඔහුට එය දිමට ප්‍රමාදවිම නිසා සැකකරු කාර්යාල කාර්ය සහායක වරයාට පහරදි තිබේ. පසුව එදින සවස පහරකෑමට ලක්වු කාර්යාල කාර්ය සහායකවරයා පොලිසියට පැමිණිලි කර ඇත. මෙහිදි සැකකරුගේ නිතිඥවරුන් කියා සිටියේ සමථයකට පත්විමට කැමති බවය.
එහිදි මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ සමථවන්නේ නම් සමථවි ඊළඟ නඩු දිනයේ අධිකරණයට වාර්තා කරන ලෙසය. වැඩිදුර විභාගය අගෝස්තු 8 වැනි දිනට කල් තැබීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අක්මීමණ ප්‍රා.සභාපතිට ඇප