IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අක්කර 30 ක වෙල්යායේ අක්කර 20ක පතල් වළවල් තවමත් එහෙමම

(ප්‍රසන්න පත්මසිරි)

පස්සර පල්ලේගම කනහෙළ වෙල්යායේ පවත්වාගෙන ගිය මහා පරිමාණ මැණික් පතල් කර්මාන්තයක් අතරමග නැවතීම හේතුවෙන් පාරිසර ප්‍රශ්න රැසක් මතුව තිබෙන බව ගොවීහු කියති.

අක්කර 30කින් පමණ සමන්විත කනහෙල වෙල්යායේ වසර පහකට පමණ පෙර මහා පරිමාණයෙන් බැකෝයන්ත්‍ර යොදාගනිමින් පතල් කර්මාන්තයක් ආරම්භ කර තිබිණි. එය වසර කිහිපයකට පෙර අතරමග නැවතී ඇතත් පතල් වළවල් මේ වනතුරු වසා දමා නොමැත.

වෙල්යායේ අක්කර 15ක පමණ භුමි ප්‍රදේශයක විශාල වළවල් තිබීම හේතුවෙන් ඒවා පුරන් කුඹුරු බවට පත්ව තිබේ. පතල් කැපීමට ගෙනා බව කියන බැකෝ යන්ත්‍ර ඇතුළු යන්ත්‍ර වසර ගණනාවක් තිස්සේ කැළයට දිරාපත් වෙමින් පවතී.

“අක්කර 30ක් පමණ වූ වෙල්යායේ පතල් කපා වළ වසා නැති නිසා වී වගාකරන්න ඉතිරිව තිබෙන්නේ අක්කර 10ක පමණ භූමි ප්‍රදේශයක් විතරයි. අක්කර ගණනාවක් කැලයෙන් වැසිලා. මොනරුන් ඇතුළු වගා හානි කරන සතුන් ඉන්න නිසා වගා කළත් වැඩක් නෑ. වළවල්වල මැසි මදුරුවන් බෝවෙමින් සිටිනවා” යැයි ඩබ්ලිව්. එම්. කරුණාදාස ගොවි මහතා මෙසේ පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම්.එන්.ඩී අමරසිංහ ගොවි මහතා, “වෙල්යායේ බැකෝයන්ත්‍ර වලින් පතල් කැපීම නිසා මයිලවත්ත ප්‍රදේශයේ නිවාස පහක බිත්ති පුපුරලා. සමහරුන්ට පතල් හිමිකරුවන් මුදල් දුන් බව කියනවා. පතල් කැපුවාට කමක් නෑ වළවල් වහන්න ඕනේ. මේ පතල් නිසා ගමටම පරිසර හානි වෙනවා” යැයි පැවසීය.

පස්සර ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරී ඩී. ඩී. ඒ. ප්‍රියංකාකුමාරි මහත්මිය මෙසේ පැවසුවාය.

“වෙල්යායේ පතල් කපන්නේ නීත්‍යනුකූලව බලපත්‍ර ඇරගෙනයි. වසරින් වසර බලපත්‍ර අලුත් කරනවා නිත්‍යනුකූලව ප්‍රශ්නයක් නැහැ” යැයිද කීවාය.

නීත්‍යනුකූලව කපන පතල් වුවත් පරිසරයට හානියක් නොවන අයුරින් පවත්වාගෙන යා යුතු බව ප්‍රදේශවාසීහු පවසති. ප්‍රදේශයට වන පරිසර හානිය පිළිබඳව බලධාරීන් මෙයට වඩා විමසිලිමත් විය යුතු බවද ප්‍රදේශයේ ජනතාව පවසති.

(එම්.එන්.ඩී අමරසිංහ ගොවි මහතා)



අදහස් (0)

අක්කර 30 ක වෙල්යායේ අක්කර 20ක පතල් වළවල් තවමත් එහෙමම

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site