(අජිත් ලාල්  ශාන්ත උදය සහ සරත් වීරවංශ )

බලන්ගොඩ වලේබොඩ ප්‍රදේශයේ  තේ වත්තක  කම්කරුවන්  දෙදෙනකු බඹර  ප්‍රහාරයකට ලක්ව අද (05) දහවල් බලන්ගොඩ  මූලික රෝහලට  ඇතුළත් කර ඇති බව  රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

බලන්ගොඩ වැවිලි සමාගමට අයත් වලේබොඩ වත්තේ  සේවය කළ  දෙදෙනකු  මෙලෙස රෝහල්  ගත කර ඇත .

ඔවුන් ගේ  තත්ත්වය  බරපතළ  නොවන බව වෛද්‍යවරු පවසති .