(දයාරත්න ඇඹෝගම)

 

නීතිවිරෝධීව මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සමඟ 43 හැවිරිදි පුද්ගලයකු අද (20) කලාකරබැවේ දී අත්අඩංගුවට ගත් බව ඉලලෝගම පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉපලෝගම,කලාකරබැව,අලුත්අක්කරේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසියට ලද තොරතුරක් මත මෙම පුද්ගලයාගේ නිවස පරික්ෂා කිරිමේදී නිවස තුළ සඟවා තිබු මෙම ගිනි අවිය සමඟ සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන තිබිණි.

අනවසරෙන් මෙම ගිනි අවිය නිෂ්පාදනය කිරිම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිසිය පවසයි.

සැකකරු ගිනි අවිය ද සමඟ අද (20) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.