බිමල් ශ්‍යාමන් ජයසිංහ

 
කොළඹ ප්‍රාදේශීය මහා ලේකම් කාර්යාලයට අයත් වේල්ලවීදිය නවගම්පුර ග්‍රාම නිලධාරීවරයා රුපියල් පන් දහසක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අද (19) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්දසිරි මහතා පැවසීය.


පිටකෝට්ටේ පදිංචි පුද්ගලයකු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකාර ග්‍රාම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.


එම පුද්ගලයාට පොලිස් සහතිකයත් ලබාගැනීම  සඳහා පොලිසියට ඉදිරිපත් කිරීම සඳහා පදිංචි සහතිකයක් ලබා ගැනීම සඳහා අදාළ ග්‍රාම නිලධාරිවරයා හමුවට ගිය අවස්ථාවේදී එය ලබාදීම සඳහා මෙම මුදල ඉල්ලා තිබූ බව පොලිසිය කියයි.