සුමතිපාල දීයගහගේ 

 
හබරාදුව ප්‍රාදේශීය සභාවේ 2019 වසර සඳහා අද (19) ඉදිරිපත් කළ අයවැය ලේඛනය ඒකමතිකව සභා සම්මත විය.


සභාපති දිල්ෂාන් විදානගමගේ මහතා (ශ්‍රීලපොපෙ) විසින් නව වසරේ අයවැය ලේඛනය සභාවට ඉදිරිපත් කරනු ලැබීය. මෙම අයවැයට ඡන්දය විමසිමේදී පාලක‍ පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 15 දෙනා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ද පක්ෂව ඡන්දය දුන්හ.


එම අවස්ථාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හයදෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන් දෙදෙනා ද සභාවේ නොසිටියහ.