ඩි.ජී.සුගතපාල

 
හෙරොයින් මිලිග්‍රෑම් තුන් දහස් විස්සක් සමඟ පුද්ගලයකු අක්මීමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිංතොට පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.


සැකකරු හෙරොයින් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් යමින් සිටියදී ලැබුණු තොරතුරක් අනුව පොලිස් නිලධාරි කණ්ඩායමක් වලහන්දූව ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.


සැකකරු කම්කරුවකු වන අතර ඔහු ගිංතොට ප්‍රදේශයේ සිට අක්මිමණ ප්‍රදේශයට හෙරොයින් ප්‍රවාහනය කරනු ලබන පුද්ගලයෙක් බවට සැකකරන බව පොලිසිය පවසයි.


සැකකරු අද (19) ගාල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.