නිමල් ජයරත්න
 
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ හෙනන්නේගල ආරණ්‍ය සේනාසනය ප්‍රදේශය තුළ සතුන් දඩයම් කළ තිදෙනෙකු මස් හා තුවක්කු දෙකක් සමඟ අද (15) අත්අඩංගුවට ගත් බව කන්දේගම අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.


පතොරම්, බෙහෙත් කොටන තුවක්කු දෙකක්, මුව මස් කිලෝ 25ක්, ඉත්තෑ මස් කිලෝ 12ක් සහ සතුන් මැරීමට යොදා ගන්නා පිහි  සැකකරුවන් සතුව තිබී කන්දේගම අඩවි ආරක්ෂක කාර්යාලය බාරයට ගෙන තිබේ.


මහඔය බෝගමුව ප්‍රදේශයේ පදිංචි 22, 24 සහ 28 යන වයස්වල පසුවන මෙම පුද්ගලයන් දිගු කලක සිට මෙම දඩයම කරන බවත් සතුන්ගේ මස් එම ප්‍රදේශයේ හෝටල්වලට අලෙවි කරන බවද හෙළි වී ඇතැයි එහි ආරක්ෂක ඩබ්ලිව්. එම්. එල්. කේ වාසල මහතා පවසයි.