(ලලිත් නවරත්න)


හලාවත පුත්තලම ප‍්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව මානවේරිය ප‍්‍රදේශයේ බෝක්කුවක් යට තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවූබව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.


වයස අවුරුදු 60 පමණ වු පිරිමි පුද්ගලයෙකු මොහු පිළිබඳව  මෙතෙක් තොරතුරක් ලැබී නැති බව පවසන පොලීසිය මෙම පුද්ගලයා හඳුනා ගැනීමට  මහජන  සහය පතයි.


සිරුර හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ  තැන්පත් කර ඇත.