(රොමේෂ් මධුෂංඛ)


යුද සමයේ උතුරේ අතුරුදන් වුවන් සම්ම්බන්ධයෙන් පිළිගතහැකි  විසඳුමක් ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් විසින්  අාරම්භ කරන ලද සත්‍යග්‍රහයට දින 366 ක් ගත වී ඇතැත් මෙතෙක් කිසිදු විසඳුමක් නැතැයි පවසමින් ඔවුහු  අද (08) මුලතිව් දිස්ත්‍රික් කාර්යාලය ඉදිරිපිටදී කළුපටි බැඳ විරෝධතාවයක් ඇරැඹුහ. 

මුලතිව්හි ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට වසරක් ගෙවීම නිමිත්තෙන් එයට සහය ලබාදීමක් වශයෙන් වව්නියාව, කිලිනොච්චිය,යාපනය හා මන්නාරම් යන දිස්ත්‍රීක්කයන්හි අතුරුදන් වූවන්ගේ ඥාතීහු රැසක්ද අද (08)  ආරම්භ කෙරුණ කළුපටි විරෝධතාවට එක් වුහ. 

පැවති රජයට මේ වනතුරු අතුරුදන් වූවන් වෙනුවෙන් විසඳුමක් ලබා දීමට නොහැකි වුවා සේ වත්මන් රජයද බලයට පත් වීමට පෙර තම ගැටලු විසඳන බවට වූ පොරොන්දුව මෙතෙක් ඉටු නොවීම මගින් වත්මන් රජය ගැන හෝ දෙමළ දේශපාලඥයින් ගැනද විශ්වාසයක් තැබීමට නොහැකි බවත් එම නිසා මෙම ගැටලුවට ජාත්‍යන්තරය හෝ මැදිහත් වී රජයට බලපෑමක් කොට පිළිගත හැකි විසඳුමක් ලබා දිය යුතු බවත් විරෝධතාකරුවෝ පවසති.