(නිශාන්ත කුමාර) 
  

‘අක්කාවළ’ නැමැති ස්ථානයේදී බදුලු ඔයට වැටී සැඬ පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි කාන්තාවකගේ මළ සිරුර අද(14) බෝලියද්ද ගොවිපළගම අත්වැල්පාලම පහළ බදුලු ඔයේ  පාවෙමින් තිබියදී ගොඩ ගත් බව බදුල්ල පොලීසිය පවසයි.
 
මියගොස් ඇත්තේ තල්දෙන බෝලියද්ද වත්තේගෙදර අංක 11 පදිංචි ඩී. එම්. චන්ද්‍රාවතී නමැති 47 හැවිරිදි එක් දරු මවකගේ මළ සිරුරකි.
 
මෙම කාන්තාව ඊයේ (13) සවස ඔයට වැටී අතුරුදන්ව සිටි අතර, පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව කළ සොයා බැලීමකදී  සිද්ධිය වූ ස්ථානයට කිලෝමීටරයක් පමණ පහළින් වූ ඔයේ වතුර වළක තිබී ඇයගේ සිරුර හමුවී ඇත.
 
ගොඩගත් මළ සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා අද (14) බදුල්ල අධීකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇත. 
 
බදුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.