(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නවගත්තේගම රළපනාව අලිවැට ආසන්නයේ දී හෙරොයින් ජාවාරමට සම්බන්ධ ප්‍රබලයකු අද (17) අලුයම හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සාලියවැව පොලිස් වසමේ 22 කනුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි හෙරොයින් ජාවාරමට සම්බන්ධ ප්‍රබලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු ඔහු ගමන් කරමින් සිටි යතුරුපැදියේ සඟවා තිබු  හෙරොයින් කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් පැකට් 64 ක සකස් කර තිබු බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

වසර කිහිපයක සිට මෙම සැකකරු සාලියවැව ඇතුළු ප්‍රදේශ ගණනාවක මෙම ජාවාරම සිදු කරගෙන ගොස් තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (17) ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.