(පැතුම් දර්ශන)

හොරොව්පොතාන වවුනියාව මාර්ගයේ නිකවැව හන්දිය ප්‍රදේශයේදී අද (03) යුදහමුදා ජිප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් යුද හමුදා සෙබළුන් හය දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව හොරොව්පොතාන පොලිසිය කියයි.

ත්‍රිකුණාමලය 420 වන බල සේනා මූලස්ථානයේ සේවයේ නියතු මෙම හමුදා සාමාජිකයින් පූනෑව ප්‍රදේශයේ මංගල්‍ය උත්සවයකට සහභාගි වී ආපසු යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.

ප්‍රදේශවාසීන් විසින් තුවාලකරුවන් හොරොව්පොතාන රෝහලට ඇතුලත් කරනු ලැබීමෙන් පසු තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව පොලිසිය ප්‍රකාශ කරයි.

සුළු තුවාල ලබා හොරොව්පොතාන රෝහලේ ප්‍රතිකාර ලබන සෙබළුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ තත්ත්වය තරමක් බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.

වේගය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.