( රොමේෂ් මධුෂංඛ)

නාවික හමුදාව සහ ‍මන්නාරම පොලීසිය එක්ව මන්නාරම් තාරාපුරම් ප්‍රදේශයේදී අද (23)  කළ විශේෂ සෝදිසි කිරීමකදී වංලගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මන්නාරම් පොලීසිය පවසයි.
 
තාරපුරම් මන්සන්ධියේ යොදා ඇති මාර්ග බාධකය අසළදී පේසාලේ සිට මන්නරම දක්වා ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් පරීක්‍ෂා කර ඇති අතර, එහිදී හක් බෙල්ලන් 2500 ක් සමඟ පුද්ග‍ලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 50 ක් වන මන්නරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
අත්අඩංගුවට ගත් පුද්ගලයා, හක් බෙල්ලන් තොගය සහ කැබ් රථය ඉදිරි පරික්‍ෂණ කටයුතු සඳහා මන්නාරම, සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කොට ඇති බවට පරීක්ෂණ සිදුකරන මන්නාරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.