(ටෝනි කරුණානායක)

දොම්පේ තිත්තපත්තර වේලගම ප්‍රදේශයේදී  සිය සොහොයුරියගේ 25 හැවිරිදි පුතාට පිහියකින් ඇන සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකාර මාමාට වසර 16 කට පසු බරපතල වැඩ සහිතව වසර 8ක සිර දඬුවමක් ගම්පහ මහධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (3) වැනිදා නියම කළේය.

එම සිරදඬුවමට අමතරව රුපියල් 1000ක දඬයක් නියම වූ අතර දඬමුදල නොගෙවන්නේ නම් තවත් සති දෙකක සිර දඬුවම් නියම කෙරුණි.

2002 වර්ෂයේ පෙබරවාරි මස 18  වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී 25 හැවිරදි විදානමුදලිගේ කමල් පුෂ්පකුමාර නැමැති අයට පිහියකින් ඇන  සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තිත්තපත්තර වේලගම පදිංචි 53 හැවිරිදි ගති ආරච්චිගේ පද්මසිරි හෙවත් පොඩි පුතා නැමැත්තාට සිරදඬුවම නියම කෙරුණි.

විත්තිකරු සමඟ ඇතිවූ ආරවුලකදී මෙම පිහා ඇනුම සිදුව ඇති බවට මහාධිකරණයේදී සඳහන් විය.