( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
 

බලන්ගොඩ සමනළ වැව ජලාශයේ දියනෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ තරුණයාගේ සිරුර අද (13) දහවල් සොයාගත් බව සමනළවැව පොලිසිය සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ බලන්ගොඩ හල්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.එල්. තුෂාර අසංක කුමාර නැමැති 23 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය සඳහන් කරයි.
 
ඔහු  තවත් තරුණයන්  හතර දෙනෙකු සමග පෙරේදා (11) පස්වරුවේ දියනෑම සඳහා සමනළ වැව ජලාශයට  ගොස්  තිබේ.

මොහු පිහිනීමේදී මාළු ඇල්ලීම සඳහා වැව මැද  ගැටගසා  තිබූ මාළුදැලක  පැටලී දියේ ගිලී අතුරුදන් විය.

කෙසේවෙතත් අද (13) දහවල් වැවේ පාවෙමින් තිබියදී ඔහුගේ සිරුර හමුවූ බව සමනළවැව පොලිසිය සඳහන් කරයි.