( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
 
 විල්පත්තුව ජාතික වන උද්‍යානයේදි ගෝනන් මරා මස් වියළා අලේවි කිරීමේ නිරතව සිටි සැකකරුවන් දෙදෙනෙකු ගිනි අවි දෙකක් සමග අද( 21)  අත් අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලිසිය පවසයි.
 
 මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව එළුවන්කුලම හා කරතිව් සිංහනාගවිල්ලුව ප්‍රදේශවල පදිංචි කරුවන් දෙදෙනෙකී.
 
 එසේම මෙම සැකකරුවන් තවත් දඩයම් කරුවන් සමග එක්වි  විල්පත්තුව ජාතික වන උද්‍යානය තුළ සැරිසරන ගොනන් මරා උද්‍යානය තුළම වේලා ගෙන ඉන් පසුව ධිවර යාත්‍රා මගින් කල්පිටිය ට රහසේ ප්‍රවාහනය කරන බවටද තොරතුර ලැබි ඇති බවද කියයි.
 

අත් අඩංගුවට ගත් සැකකරුවන් කරතිව් ඌරලිය කලපු තිරයේ ධිවර වාඩියක රැදි සිටියදී  වියලන ලද ගොන මස් කිලෝ ‍07ක් හා බලපත්‍ර නොමැති බොර 12 ගිනි අවි දෙකක් සහ හිස් පතොරම් කොපු හතරක් ද සමග පොලිස් කණ්ඩායම රැකවල්ලා සිට අත් අඩංගුවට ගෙන තිබුණි
 
 අත් අඩංගුවට ගත් සැකකරුවන් 21 දින දහවල් පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනී.