(රොමේෂ් මධුෂංක)

යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ මහජන වැසිකිලි වළක තිබි බිළිඳකුගේ නරක් වූ මළ සිරුරක් අද (07) උදෑසන හමුවී තිබේ.

චාවකච්චේරි පොදු වෙළඳසැල ආසන්නයේ පිහිටි සාමාන්‍ය වැසියන් භාවිත නොකරන ලද අබලන් වූ වැසිකිලි වළක් අවට ප්‍රදේශයේ දැඩි දුර්ගන්දයක් හැමීම නිසා අසල්වැසියන් විසින් පරික්ෂා කිරීමේදී  මෙම  නරක් වු  බිළිදු  මළ සිරුර හමු වූ බව චාවකච්චේරි පොලීසිය සඳහන් කළේය.

මීට දින 4 කට පමණ පෙර  මෙම බිළඳා වැසිකිලි වලට දමා ඇති බවත් බිළිඳා  වැසිකිලි වල ආසන්නයේදීම ඉපදිමෙන් පසුව එම අවස්ථාවේදීම බිළඳාගේ මව විසින්ම මෙම වැසිකිලි වළට දමන්නට ඇති බවට සැක පල කරන පොලීසිය පවසයි.

මළසිරුර ගොඩට ගැනීමෙන් පසුව චාවකච්චේරි රෝහලේ තැන්පත් කොට ඇති අතර දරුවාගේ මව කව්රුන්දැයි  සෙවීම සඳහා චාවකච්චේරි පොලිසිය විසින් පරික්ෂණයක් ආරම්භ කර ඇත.