(ඩී.ජීසුගතපාල)
 
පාසල් සිසුන් සඳහා වෙළඳසල්වල අලෙවි කරනු ලබන රුපියල් 5,000 නෝට්ටුවල ඡායා පිටපත් එකට අලවා සුදු පිටියක ඔට්ටු ඇල්ලූ තරුණයින් දෙදෙනෙකු අද(13)  හිනිදුම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි.
 
හිනිදුම පොලිස් වසමේ පනංගල ප්‍රදේශයේ මුදල් ඔට්ටුවට පවත්වාගෙන  සූදු පිටියකට ගිය සැකකරුවන් දෙදෙනාද මෙම නොට්ටුවක් පිටියට දමා ඔට්ටු අල්ලා ඇත. එහි සිටි පිරිස එය ව්‍යාජ නෝට්ටුවක් බව හඳුනාගෙන පහරදී පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා තිබේ. ඒ අනුව ජංගම මුර සංචාරක පොලිස් නිලධාරි කණ්ඩායමක් පැමිණ සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.
 
ඔවුන් ළඟ තවත් නෝට්ටු 2ක්ද තිබී සොයාගෙන ඇත.
 
සැකකරුවන් උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.