(සිතුම් චතුරංග)
         
වවුනියාව,  මහමයිලන්කුලම ප‍්‍රදේශයේ ඉඩමක තිබී ජීව අත්බෝම්බයක් අද(10) සොයාගත් බව වවුනියාව පොලිසිය කියයි.

විදුලි රැහැන් සවිකරමින් සිටි සේවකයින් පිරිසකට මෙම ජීව අත්බෝම්බය හමුවී ඇති බව වවුනියාව පොලිසිය සඳහන් කළේය.

සොයාගත් අත්බෝම්බය එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් නිෂ්පාදිත අත්බෝම්බයක් වන අතර පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ වෙත ප‍්‍රහාර එල්ලකිරීම සඳහා රැගෙන ආ බෝම්බයක් වියහැකි බව පොලිසිය සැකපළකරති.

වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්බෝම්බය නිශ්ක‍්‍රිය කිරීමට නියමිතය.

වවුනියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.