(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසැල් හා තොග වෙළඳසැල් වලට රාත්‍රී කාලයේ දී ඇතුළු වී රුපියල් ලක්ෂ 15 කට ආසන්න මුදල් සොරා ගත් දිවයිනේ නමගිය අපරාධකරුවෙකු මිල්ලනිය රද්දේගොඩ ප්‍රදේශයේ දී අද (13) අත්අඩංගුවට  ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

සැකකරු සන්තකයේ තිබු හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 3500 ක්, කියත් ගල තුනක්, ඉස්කුරුප්පු නියනක්, යකඩ කපන කියතක්  හා උල්පිහියක් පොලිසිය බාරයට ගැණිනි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් වෙළඳසැල් වලින් සොරා ගත් රුපියල් 15,000 කට අධික මුදලක් සැකකරු සන්තකයේ තිබියදී හා රුපියල් ලක්ෂ හතකට අධික මුදලක් ඔහුගේ බිරිඳගේ බැංකු පොතෙහි තැම්පත් කර තිබියදී සොයා ගැනීමට හැකිවූ  බව පොලිස් නිලධාරියෙක් පැවසීය.