(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා සහ ජේ.කේ.එල්. චාමින්ද)
 
හික්කඩුව වෙරළේ සිටි පිරිසකගේ මෝටර් රථයේ තිබූ රුපියල් ලක්ෂ 15ක පමණ  රන් ආභරණ සහ මුදල්  සොරකම් කරනු ලැබූ පුද්ගලයෙකු රත්ගමදී අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය කියයි.
 
සැකකරු රත්ගම පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි. 
 
මෙම කාරයේ අයිතිකරු විසින් යතුර තබනු ලැබූ ස්ථානය නිරීක්ෂණය කළ සැකකරු එය රැගෙන මෝටර් රථය විවෘත කර මෙම භාණ්ඩ සොරකම් කර ඇති බව සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.
 
සොරකම් කරණ ලද රන්භාණ්ඩ ගාල්ලේ උකස් භාණ්ඩ ලබාගන්නා ස්ථානයකට දී තිබියදී පොලිසිය භාරයට ගෙන තිබේ.
 
සැකකරු අද  (20) ගාල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
හික්කඩුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.