(ඩී. ජී. සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
 
උණවටුන යද්දෙහිමුල්ල පාරේදි සහ එරමුදුගහ හන්දියේදී  විදේශියකයන් දෙදෙනෙකු විසින් පදවන ලද යතුරුපැදිවල ගැටීමෙන් නව හැවිරිදි පිරිමි ළමයකු හා පුද්ගලයකු තුවාල ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විදේශික පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.
 
මෙම අනතුරින් තුවාල ලැබු ළමයා කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
 
අත්අඩංගුවට ගත් විදේශිකයින් දෙදෙනා අද(20) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.